Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th February 2024 15:43:51 Hours

12 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස්ගේ සහභාගිත්වයෙන් යුතුව අරලගංවිල ප්‍රබෝධනී මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයෙහි ඉගෙනුම ලබන දරු දැරියන් හට අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දෙයි.

23වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උදාරතර සංකල්පයකට අනුව 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කුලතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 12 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි මේජර් සංජය රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මෙහෙයවීම අනුව 12 වන ගැමුණු හේවා බළඇණියේ භඨෙපිරිස්ගේ සහභාගිත්වයෙන් යුතුව අරලගංවිල ප්‍රබෝධනී මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයෙහි ඉගෙනුම ලබන දරු දැරියන් හට අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් 2024.02.22 වන දින පවත්වන ලදි.

මෙම උත්සවය සාර්ථක කර ගැනිම සදහා අනුග්‍රාහක දායකත්වය සුරේෂ් පක්ෂවිර මහතා සහ එම මැතිණිය, ක්‍රිෂාන්ත සිල්වා මහතා සහ එම මැතිණිය, මෙන්ම එම දියණිය වන ක්‍රිෂ්ටීන් ද සිල්වා මෙනෙවිය විසින් මෙහෙයවනු ලබන “රු අක්” සංවිධානයේ මූල්‍යමය දායකත්වයෙන්ද, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සමග යුධ හමුදා විද්‍යාපිඨයෙහි කෙඩෙට් නිලධාරි පාඨමාලාව හදාරා දැනට විශ්‍රාමික සුවයෙන් පසුවන ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් යුතුව අරලගංවිල ප්‍රබෝධනී මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයෙහි අධ්‍යාපනය ලබන දරු දැරියන් හට අත්‍යවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබා දෙන ලදි.