Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th February 2024 11:27:18 Hours

22වන පාබල සේනාංකය විසින් සිවිල් ජනතාවගේ සහයෝගිතාවය වර්ධනය කිරීම උදෙසා පාපන්දු තරගාවලියක් පවත්වයි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 223වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් හා මග පෙන්වීම මත 15වන ශ්‍රීලංකා පාබල බලඇණි බළප්‍රදේශයට අයත් තඹලගමුව, කින්නියා හා මුතූර් යන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සිංහල, දමිල හා මුස්ලිම් යන ජන වර්ගයන්ට අයත් ප්‍රදේශයේ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඔවුන් අතර සංහිදියාව, සමගිය හා සමුහිකත්වය වර්ධනය කිරීමේ හා යුද්ධ හමුදාව හා සිවිල් ජන සමාජය අතර, සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් 15 ශ්‍රීලපාහ ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ විවෘත සාමාජික පාපන්දු තරගාවලිය 2024 පෙබරවාරි 08 වන දින සිට 11 වන දින දක්වා මොල්ලිපතාන හමීඩියා ක්‍රීඩාංගනයේදී හමීඩියා ක්‍රිඩා සමාජය සමඟ සම්බන්ධතාවයෙන් පැවැත්වූ අතර ක්‍රීඩා කණ්ඩායම් 30 අතුරින් කින්නියා නෝහා පාපන්දු කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදී.