Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th December 2023 10:04:37 Hours

22 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයෙහි රාජකාරි ආරම්භ කරයි

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පි යුඑස්පි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 දෙසැම්බර් මස 04 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.

නව සේනාංකාධිපතිතුමන් සේනාංක මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී නියෝජ්‍ය සේනාංකාධිපති විසින් පිලිගෙන කදවුරු මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පි යුඑස්පි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි නිළ ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදි.

ඉන් අනතුරුව නව සේනාංකාධිපතිතුමන් විසින් පැලයක් රෝපණය කිරිම,පැමිණි සිටි භඨපිරිස් ඇමතීම, සියලු නිළ තේ පැන් සංග්‍රහයක් හා සේනාංකයේ මාණ්ඩලික නිලධාරිවරුන්ගේ සාකච්ඡාවෙන් අනතුරුව දවසේ කටයුතු අවසන් විය. මෙම අවස්ථාව සදහා සේනාංකයේ සියලුම නිළධාරින් සහ සෙසුනිළයින්, බළසේනාධිපතිවරුන් හා අණදෙන නිළධාරිවරුන් සහභාගි වන ලදි.