Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th November 2023 11:15:12 Hours

222 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

222 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති වශයෙන් කර්නල් ආර්කේඒආර්පි රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 නොවැම්බර් මස 06 දින කන්තලේ ජයන්තිගම පිහිටි බලසේනා මූලස්ථානයේදී සුබ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.

222 වන පාබල බලසේනා මුලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපති බලසේනාවේ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් පසුව නව බලසේනාධිපති සිය කාර්යාලයේදී ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව හමුදා සම්ප්‍රධානුකුලව ලිපියකට අත්සන් තබමින් නව ධුරයෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලද අතර, රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කිරීම සදහා පැළයක් රෝපණය කිරීම සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා බලසේනාවේ සියලුම නිලධාරින් හා සෙසුනිලයින් සහභාගි වන ලදී.