Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th November 2023 10:37:31 Hours

22 පාබල සේනාංක මූලස්ථානය මගින් මූලික මෝටර් බෝට්ටු පුහුණුවක්

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත, 22 පාබල සේනාංක බලප්‍රදේශය තුල සිදුකෙරෙන සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා සහභාගි වන සෙනින් හට, පිටත සවි කරන ලද ජල යන්ත්‍ර පිළිබඳ නියාත්මක සහ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක්, 2023 ඔක්තෝබර් 23 සිට 31 දින දක්වා 7 වන ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ උපදේශක සහයද ඇතිව මෙම පාසේමුහි පවත්වන ලදි. ඒ සදහා බලප්‍රදේශය තුල රාජකාරි සිදුකරන සෙසුනිළයින් 30 දෙනෙකු සහභාගි වූ අතර, මෙම පාඨමාලාව මගින් බෝට්ටු එන්ජින් කොටස් හදුන්වාදීම, පණ ගැන්වීම, ක්‍රියාවිරහිත කිරීම, දෝෂ හදුනා ගැනීම, දෝෂ මගහරවා ගැනීම, අළුත්වැඩියා කිරීම මෙන්ම ගංගාවක, මහ මුහුදෙහි, සැඩ පහරක සහ ගංවතුර ආපදා තත්වයකදී බෝට්ටුව හැසිරවීම පිලිබද නියාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙනු ලැබූ අතර, අවසානයේදී, ලිඛිත හා ප්‍රායෝගික පරීක්‍ෂණයක්ද පවත්වන ලදී.

මෙම පාඨමාලාවෙහි අවසන් දේශණය 2023.11.01 වන දින පැවත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ඡ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වූ අතර, නියෝජ්‍ය සේනාංකාධිපති කේකේඑස් පැරකුම් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ඡ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු 22 වන පාබල සේනාංකයේ අනෙකුත් නිලධාරීන් හා සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගීවන ලදි. තවද, මෙම පාඨමාලාවෙහි සිසුන් 30 දෙනා අතරින් ප්‍රථම ස්ථානය සෙ/334971 පාසෙ පුෂ්පකුමාර ආර්එම්එස් - 15 ශ්‍රිලපාහ සෙනියා විසින් ලබා ගන්නා ලදි.