Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th November 2023 15:11:53 Hours

24 පාබල සේනාංකය විසින් නිලධාරීන්, සෙසු නිලයන් සහ අම්පාර දිස්ත්‍රීක්කයේ සිවිල් මාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය විනය පිළිබඳ වැඩමුළුවක්පවත්වන ලදි

24 පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරීමේ අධිටනින් "මාධ්‍යයට ඇති බලපෑම" යන මාතෘකාව යටතේ 24 වන පාබල සේනාංකයේ දෙදින වැඩමුළුවක් සංවිධානය කර පවත්වනලදී. එම වැඩසටහන 2023 නොවැම්බර් මස 11 සහ 12 යන දිනයන්හිදී හමුදාව සහ සමාජය පිළිබඳව ධනාත්මක සහ සෘණාත්මක කරුණු පිළිබඳව වසර 23කට වැඩි මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති යුද හමුදාපති මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා විසින් මෙම දේශනය පවත්වන ලදී. ඔහුගේ වෙනත් බොහෝ වෘත්තීය සුදුසුකම් සහ ජයග්‍රහණවලට අමතරව වසර ගණනාවක් යුද හමුදා මාධ්‍ය කටයුතුවල නිරත විය.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබිලිවි චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත සමස්ත උත්සවය සම්බන්ධීකරණය කරනු ලැබීය. යුද හමුදාව සමඟ ද සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් එක් සැසියක් සඳහා අම්පාර සිවිල් මධ්‍යවේදීන්ද සහභාගි විය. මෙම වැඩමුළුව සමස්තයක් ලෙස සෑම අංශයකින්ම යුද හමුදාවට ප්‍රතිලාභ අත්වන අතිරේක ජයග්‍රහණයක් විය. අවසානයේ විශේෂ දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව සහභාගි වූ සියලුම දෙනා සඳහා සහතිකපත් බෙදා දීමෙන් අනතුරුව උත්සවය අවසන් විය.