Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th November 2023 15:14:00 Hours

24 පාබල සේනාංකය විසින් මජීද්පුරම්-සමන්තුරේ මුස්ලිම් වැන්දඹු කන්තාවන් හට වියළි සලාක මලු බෙදාදෙයි

සමන්තුරේ - අම්පාර මජීද්පුරම් ගම්මානයේ මුස්ලිම් වැන්දඹු කාන්තාවන්ට අත්වැලැක් වශයෙන්, 24 පාබල සේනාංකය විසින් සම්බන්ධීකරණය සිදුකර 2023 නොවැම්බර් 12 වැනි දින අඩු ආදායම්ලාභී වැන්දඹු කාන්තාවන් 65 දෙනෙකු සඳහා රුපියල් 3500.00 ක් වටිනාකමකින් යුත් වියලි සළාක මලු බෙදාදෙන ලදි. මෙම පරිත්‍යාගය "Wings of Humanity" සංවිධානයෙහි සභාපති රෂාඩි නුර්ෂාද් මහත්මියගේ සහ අඩ්ඩාලච්චේන සමාජ වැඩ සම්බන්ධීකාරක එස් එල් එමි නස්රූද් මහතාගේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලදී.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මජීඩ්පුරම් හි රජයේ නියෝජිතයින් සම්බන්ධකර ගනිමින් මෙම වියලි සළාක මලු බෙදාදිමේ වැඩසටහන සංවිධානය කරන ලදී.