Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd December 2023 09:37:56 Hours

222 පාබල බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

222 පාබල බලසේනාවේ නව බලසේනාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 නොවැම්බර් මස 28 දින කන්තලේ ජයන්තිගම පිහිටි බලසේනා මූලස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.

222 පාබල බළසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපති 222 පාබල බලසේනා‍ මූලස්ථානයේ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් පසුව නව බලසේනාධිපති සිය කාර්යාලයේදී ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව හමුදා සම්ප්‍රධානුකුලව ලිපියකට අත්සන් තබමින් නව ධුරයෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලද අතර, රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කිරීම සදහා පැළයක් රෝපණය කිරීම සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා බලසේනාවේ සියලුම නිලධාරින් හා සෙසුනිලයින් සහභාගි වන ලදී.