Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th October 2023 10:55:41 Hours

12 ශ්‍රීලංජාආබමු හි භට පිරිස් විසින් ඇස් පරික්‍ෂා කර ඇස් කණ්නාඩි ලබාදිමේ සමාජ සත්කාර වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 232 වන පාබල බලසේනාධිපතිගේ අධික්ෂණය යටතේ 12 ශ්‍රීලංජාආබමු භට පිරිස් විසින් ඇස් පරික්‍ෂා කර ඇස් කණ්නාඩි ලබාදිමේ වැඩසටහනක් 2023 ඔක්තෝබර් 28 වන දින සිදුකරන ලදි

ඒ අනුව ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන තොප්පිගල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 12 ක ජීවත්වන සිවිල් වැසියන් අතුරින් ඇස් පෙනීමේ දුර්වලතා ඇති අයවළුන් 150 දෙනෙකු සදහා ඇස් පරික්‍ෂා කර ඇස් කණ්නාඩි ලබා දිමේ වැඩසටහනක් පුලිපංචිකල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රය තුල ජෝර්ජ් ගුණරත්න සමාගමෙහි දායකත්වයෙන් එහි කළමණාකාර අධ්‍යක්‍ෂක ලක්‍ෂමන් ගුණරත්න සහ සිරි අබේගුණරත්න මහතා ඇතුලු කාර්යය මණ්ඩලය විසින් සිදුකරන ලදි

මෙම අවස්ථාව සදහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවු අතර,232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඒ පුෂ්පකුමාර, ආසේමු (නැ), 23 පාසේමු, 232 පාබසේමු හි මාණ්ඩලික නිලධාරින්ද මෙම අවස්ථාවට එක්වන ලදි. 12 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුඵවේ අණදෙන නිලධාරි මේජර් බීඑම්සි වන්නිනායක ජ්‍යෙෂ්ඨ නිලධාරී, කොරලේපත්තු දකුණ ප්‍රාදේශිය ලේකම් එස් රාජ්බාහු මහතා, ඇතූලු ප්‍රදේශයේ සිවිල් වැසියන් 220 ක් මෙම අවස්ථාවට සහභාගි වන ලදි