?
19th March 2023 10:42:37 Hours
231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයකට අනුව 231 වන බලසේනාව වෙත පහසුකම් සංකීර්ණයක් බලසේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඉදි කිරීම ආරම්භ කරන ලදී. බලසේනාධිපතිවරයාගේ සංකල්පයේ අවසාන ප්‍රතිඵලය ලෙස 231 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් සුභසාධන ආපන ශාලාවකින්¸ පුවත්පත කියවීමේ මධ්‍යස්ථානයකින් සහ කරනවෑමිහලකින් සමන්විත නවීන පහසුකම් සංකීර්ණය ලබා ගන්නා ලදී.
15th March 2023 14:53:22 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනංකයට අයත් 221 වන පාබල බළසේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් ලෙස 221 වන පාබල බළසේනා මුලස්ථානයේ සේවයේ නියතු සෙසුනිලයින්ගේ පාසල් යන දූදරුවන් 67 දෙනෙකු සදහා රුපියල් 3500ක වටිනා කමින්යුත් පාසල් උපකරණ හා අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් 2023.03.12 වන දින බලසේනා මූලස්ථානයේදි බෙදාදෙන ලදි.
15th March 2023 14:44:43 Hours
222 වන පාබල බලසේනාවේ 19 වන බලසේනාධිපති වශයෙන් බ්‍රිගේඩියර් සාලිය ඩයස් ජ්‍යෙෂ්ඨ නිලධාරී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් 2023 මාර්තු මස 13 දින බලසේනා මූලස්ථානයේදී සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
13th March 2023 12:19:04 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයක් හා මගපෙන්වීම යටතේ 2023 මාර්තු 11 වන දින ත්‍රීකුණාමලය රොටරැක්ට් සමාජයේ සහයෝගය ඇතිව මෙම පාබල සේනාංකය විසින් වෘත්තීය මාර්ගෝපදේශණ සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී.
12th March 2023 11:51:47 Hours
233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීමත 233 වන පාබල බලසේනාවේ නිලධාරින් සහ සෙසුනිලයින් විසින් 2023 පෙබරවාරි 27 වන දින 233 වන පාබල බලසේනාවේ 32 වන සංවත්සරයට සමගාමීව මඩකලපුව දිස්ත්රිනක්කයේ කතිරවේලි හි පිහිටි “තිලකාවතියර්” කාන්තා ළමා නිවාසයේ ළමුන් 36 දෙනෙකු සඳහා විශේෂ දිවා භෝජන සංග්රිහයක් ලබාදුන් අතර, ළමුන්හට අත්යතවශ්යි භණ්ඩ හා පාසල් උපකරණද බෙදාදෙන ලදි.
06th March 2023 14:56:14 Hours
උපකරණ මාස්ටර් ජෙනරල් (QMG), මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් (MGO), මේජර් ජෙනරාල් හිරෝෂ වනිගසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.03.03 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය(නැගෙනහිර ) නිල සංචාරයක නිරත විය. ආරක්ෂක සේනා (නැගෙනහිර ) අඥාපති නියෝජනය කරමින් ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් උණුසුම් ලෙස පිළිගත්හ.
24th February 2023 15:47:03 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් මී මැසි පාලනය පිළිබඳ වැඩමුලුවක් පූනානි බලඇණි පුහුණු පාසලේ එළිමහන් දේශන පරිශ්‍රයේදී පෙබරවාරි 21 සහ 22 යන දිනවල සංවිධානය කරන ලදී.
18th February 2023 10:03:34 Hours
ආරක්ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි , කෘ (මාස්ටර්) මුයිතායි සංගමය සහ තායි සංස්කෘතික කොමිෂන් සභාව යටතේ මාස්ටර් ශ්‍රේණියේ (අර්ජරන්) හිමිකම් දරන්නා වන කර්නල් පීපීසී පෙරේරා, ඔහුගේ එතෙර නිවාඩු කාල සීමාව තුළ "මුයි ප්රජෝව් සෙඋ සහ ක්රබී ක්රබොං ප්රජෝව් සෙඋ " උත්සවය සදහා සහභාගී විය. උත්සවය තායිලන්තයේ බැංකොක් හිදි පැවැත්විණි.
18th February 2023 09:57:10 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ උපදෙස් පරිදි, 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාලක මල්සිංහ සහ 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් චන්දන වන්නිආරච්චි සහ භට පිරිස් වල පූර්ණ මැදිහත් වීමෙන් 2023 පෙබරවාරි 14 වන දින සූරියපුර මහවැලිගම පාසලේදී පාසල් සිසු/සිසුවියන් සියයක් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය උපකරණ ප්රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
18th February 2023 09:35:06 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර), ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරි සඳුදා (පෙබරවාරි 13) දින 24 වන පාබල සේනාංකයේ සිය පළමු නිල සංචාරය සිදු කළේය.