Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd May 2023 10:44:05 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයේ සේවයේ නියුතු ගැමුණු හේවා නිලධාරීන් සඳහා පුහුණු දිනයක්

ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයේ සේවයේ නියුතු ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් නිලධාරීන් සඳහා පුහුණු දින වැඩසටහනක් 2023 අප්‍රේල් මස 30 දින ආරක්ෂක සේනා (නැගෙනහිර) මූලස්ථානයේ නිලධාරීන්ගේ දේශන ශාලාවේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරිද සහභාගී වූ අතර, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එරන්ද රත්නායක ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින්, ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති නැගෙනහිර මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ආරක්ෂක සේනා (නැඟෙනහිර) බල ප්‍රදේශයේ ගැමුණු හේවා නිලධාරි පුහුණු දින වැඩසටහන සඳහා නිලධාරීන් 35 දෙනෙකු සහභාගි වූ අතර, ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති විසින් ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් නිලධාරීන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා අවවාද සහ උපදෙස් ලබා දෙන ලදී.