Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th May 2023 10:05:30 Hours

22 වන පාබල සේනාංකය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කරයි

22 පාබල සේනාංක මුලස්ථානය - ත්‍රිකුණාමලයහි සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්බි අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියුගේ මග පෙන්විම යටතේ, 221 පාබල බළසේනාවේ සහ 17 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් මෙම වසරේ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ ජිවත්වන දිලිදු පවුල් 50 ක් සදහා වියලි සලාක බෙදාදිමක් සිදුකරන ලදි. මෙම වැඩසටහන 2023 මැයි 05 දින කුඹුරුපිඩ්ඩි විද්‍යාලෝක විහාරස්ථාන පරිශ්‍රයේදී එම ප්‍රදේශයේ ජිවත්වන තෝරාගත් සිංහල, දමිළ, මුස්ලිම් අඩු ආදායම්ලාභි පවුල් සදහා එක් පවුලක් වෙනුවෙන් රු 6000.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක මල්ලක පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය. විදේශගතව ජිවත්වන ශ්‍රීලාංකිකයෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත රු. 300000.00 ක වටිනාකමකින් යුත් මෙම වියලි ආහාර බෙදාදිමේ කටයුත්ත 221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒකේ පිරිස් ආර්එස්පිගේ සහභාගිත්වයෙන් සහ එම බළසේනාවේ සහ 17 ශ්‍රීලංජාආබමුහි භටපිරිස්හි දායකත්වයෙන් සිදුකරන ලද අතර, මෙවැනි සමාජ සත්කාර කටයුතු සිදුකිරිම පිලිබදව ප්‍රදේශවාසින්ගේ නොමද ස්තුතිය යුද්ධ හමුදාව වෙත පුදකරනු ලැබිය.