Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th May 2023 11:02:50 Hours

23 වන පාබල සේනාංක වෙසක් උත්සව සැමරීම

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ භට පිරිස් විසින් “වෙසක් උත්සවය සැමරීමේ” වැඩසටහනක් සංවිධානය කරන ලදී.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් 23 වන පාබල සේනාංක විහාරස්ථාන පරිශ්‍රයේදී පැවති බෝධි පූජාව සඳහා සියලුම මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.සෙවණපිටිය සුසිරිගම සාම විහාරාධිපති පූජ්‍ය සුසිරිගම සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් භට පිරිස් සඳහා අගමික අනුශාසනාවක් පවත්වන ලද අතර, මියගිය රණවිරුවන් ආබාධිත රණවිරුවන් සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වාද කිරීමද සිදු කරන ලදී.

එදිනම උදෑසන පොළොන්නරුව - මඩකළපුව මාර්ගයේ ගමන් ගන්නා මගීන් සදහා සව් දන්සලක් විවෘත කල අතර. එය 1000 පැයේ සිට සවස 1500 පැය දක්වා පැවැත්වු අතර, පුනානි අවට ප්‍රදේශයේ වෙසෙන ජනතාවට සහ රථ වාහන වලින් ගමන් ගන්නා මගීන් 2000 ට ආසන්න පිරිසක් දන්සලට සහභාගී විය. 23 වන පාබල සේනාංකයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, නිලධාරින් සහ සෙසු නිලයින්ද මෙම අවස්ථාවට සහභාගී විය. එදිනම සවස 23 වන පාබල සේනාංක පරිශ්‍රයේදී 232 වන පාබල බලසේනා මුලස්ථානය, ශ්‍රීලංවියාඉ ක්ෂේත්‍ර වැඩපළ, 33 ඉසේරෙ බළඝනය, 440 ශ්‍රීලංයුසේබ බළඝනය, ඉදිරි යුධ උපකරණ ගබඩාව සහ බළසේනා පුහුණු පාසලට අයත් නිලධාරීන් සහ සෙනීන් විසින් නිර්මාණය කරන ලද වර්ණවත් කැරකෙන වෙසක් කූඩුව මහජන ප්‍රදර්ශණය සදහා විවෘත කරන ලදි.