?
18th February 2023 09:27:58 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 2023 පෙබරවාරි මස 04 වන දින මේජර් ජෙනරාල්වරයෙකු ලෙස නව නිල උසස්විම් ලබා ගැනීමෙන් අනතුරුව 24 වන පාබල සේනාංකය වෙත 24 වන පාබල සේනාංකයේ සහ යටතේ ඇති බළසේනා¸ බලඇණිවලට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සඳුදා (පෙබරවාරි 13) දින උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
18th February 2023 09:11:39 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) යටතේ ඇති 5 ශ්‍රීලයුවෛබ ඒකකයේ සහ යුහරෝ (මින්නේරිය) හී 2023.02.11 වන දින කදවුරු සංචාරයක නිරතවිය .
18th February 2023 09:03:01 Hours
5 වන ස්වේච්ඡා බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 24 වන සංවත්සරය නිමිත්තෙන් 2023 පෙබරවාරි 05 දින සිට 10 දින දක්වා වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
13th February 2023 13:31:31 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මග පෙන්විම අනුව 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ උපදෙස් යටතේ 22 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිළධාරින් විසින්, 2023 පෙබරවාරි 08 වන දින පාබල සේනාංක මූලස්ථානයේ බදාදා පුහුණු වැඩසටහනට සමගාමීව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීම පිළිබඳ දේශනයක් සංවිධානය කරන ලදී.
10th February 2023 21:34:07 Hours
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මගපෙන්වීම යටතේ සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් 23 වන පාබල සේනාංකය වෙතින් සිද්ධපුර පුනානි ගොවිපලෙහි "මහ කන්නයේ" කඹුරු අක්කර 50 ක වී වගා කරන ලදී.
10th February 2023 19:10:50 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස් අනුව ආරක්ෂක සේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු භඨපිරිස් හට නිතීමය කරුණු පිලිබදව දැනුවත් කිරීමේ වැඩමුලුවක් ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) නීති නිලධාරි කපිතන් නුවන් ගුණසේකර විසින් පවත්වන ලදී. මෙහිදී මුලික පරීක්ෂණ උසාවි සිදුකිරිමේදී ඇති වන ගැටලු සහ ආයතනවල පවතින නීතීමය ගැටලු සාකච්ඡා කරන ලදී.
09th February 2023 08:25:28 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර )ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණයෙන් 24 වන පාබල සේනාංක බලප්‍රදේශයේ භට පිරිස් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් අත්වන ප්‍රතිවිපාක සහ එයින් වැළැකී සිටින්නේ කෙසේද යන්න දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.
03rd February 2023 20:30:10 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජනවාරි 23 වන දින මින්නේරිය යුධ හමුදා මූලික රෝහල් සංකීර්ණයේ යටිතල පහසුකම් සහ වෛද්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා රෝහල වෙත යන ලදි.
02nd February 2023 10:49:24 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ රෙජිමේන්තු අධිපති, මේජර් ජෙනරාල් ලලිත් හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජනවාරි 28 වන දින 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය දළුකාන වෙත පැමිණියේය. ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු පළමු නිල සංචාරය 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සිදු කරන ලදි.
31st January 2023 15:33:38 Hours