Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th April 2023 09:50:32 Hours

22 වන පාබල සේනාංකයේ අවුරුදු උත්සවය ත්‍රිකුණාමලයේදී සමරයි.

22 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිවිල්-හමුදා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2023 අප්‍රේල් 9 වන දින ත්‍රිකුණාමලය කොටුව ෆෙඩ්‍රික් ක්‍රීඩාංගණයේදී සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයක් පවත්වන ලදී.

22 වන සේනාංකයට අනුයුක්ත සිවිල් වැසියන් සහ භටපිරිස් විශාල පිරිසක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට අදාළව සම්ප්‍රදායික හා විනෝදාත්මක අංගයන් සඳහා ඉතා උනන්දුවෙන් සහභාගී වූහ.

සිංහල හා දෙමළ සම්ප්‍රදායික ඉසව්, කඹ ඇදීම, අවුරුදු කුමාරි තේරීම, අලියාට ඇස තැබීම, බනිස්‌ කෑම, සෙමින් බයිසිකල් පැදීම, මැරතන් ධාවන තරග ඇතුළු උත්සව රැසකින් උත්සවය පිරී ගියේය.

22 වන පාබල සේනාංකයේ උපදෙස් මත 2 (සෙව්) ගජබා රෙජිමේන්තුව සහ 17 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව සමඟ 221 වන පාබල බළසේනාව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරී සහභාගී විය.

තවද 222 සහ 223 පාබල බළසේනාවල බළසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, 22 පාබල සේනාංකයේ භටපිරිස් සහ ත්‍රිකුණාමලය IOC උප සභාපති දෙබන්ජන් මුකර්ජි මහතා සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.