Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th April 2023 21:49:34 Hours

11 වන ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ භටපිරිස් විසින් අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල් සදහා පාසල් උපකරණ සහ වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කරයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධනික පතිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 2023 අප්‍රේල් 05 වන දින අක්කරෙයිපත්තු විජේරාම විහාරස්ථානයේදී අක්කරෙයිපත්තුව ප්‍රදේශය අවට අඩු ආදායම්ලාභී සිංහල පවුල් සඳහා අත්‍යවශ්‍ය වියළි සලාක ඇසුරුම් සහ පාසල් උපකරණ ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ඒ අනුව, මෙම වැඩසටහන සදහා සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප මැදිරි හිමියන්ගේ සංගමයේ ධන පරිත්‍යගයෙන් අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යවශ්‍ය වියළි සලාක ඇසුරුම් 35ක් බෙදා දෙන ලදී. භාණ්ඩ බෙදාදීමෙන් අනතුරුව උත්සවයට සහභාගී වූ පිරිසට දිවා ආහාර වේලක්ද ලබාදුන් අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරි, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ අණදෙන නිලධාරී මේජර් පුබුදු හෙටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම ඒකකයේ නිලධාරීන්, සෙසු නිලයින්, ප්‍රතිලාභීන් සහ පරිත්‍යාගශීලී නියෝජිතයින්ගෙන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.