Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th April 2023 10:54:59 Hours

නව ප්‍රවේශයක් අරඹමින් ප්‍රදේශයෙහි වැදගත් ගැටළු සඳහා ප්‍රායෝගික විසඳුම් ගෙන එන අතරම නිලධාරීන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා පුහුණු වැඩමුලුවක් පවත්වයි

2023 වසරේ පළමු කාර්තුව සඳහා වූ නිලධාරීන්ගේ පුහුණු දිනය 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2023.04.08 වන දින අක්කරපත්තුව 241 පාබල බලසේනාවේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එම බලප්‍රදේශයන්හි අණදෙන නිළධාරීන් තම ප්‍රදේශයන්හි කාලෝචිත වැදගත් සහ අදාළ ගැටළු පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමට සහ ඔවුන්ගේ පර්යේෂණ ක්ෂේත්‍ර පිළිබඳ සොයාගැනීම් ඉදිරිපත් කිරීමට මුලින් යොමු කරන ලදී. මෙම ප්‍රයත්නය සිදු කිරීමේ අභිප්‍රාය ප්‍රධාන වශයෙන්, ඔවුන්ගේ ප්‍රදේශයෙහි රාජකාරි ඉටු කිරීමේදී හමුදාව විසින් මුහුණ දෙන ආර්ථික, සමාජීය, ආගමික සහ වෙනත් ගැටළු හඳුනා ගැනීම සහ ඒවා ජය ගැනීමට හෝ අවම කිරීම සදහා විසඳුම් යෝජනා කිරීම / නිර්දේශ කිරීම සදහායි.

අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික පසුබිම - 8 ශ්‍රීලංජාආබමු.

අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ විභවයන් සහ අභියෝග - 18 විපාරෙ.

අම්පාර දිස්ත්‍රික්කයේ සමාජ හා ආර්ථික ගැටළු සහ ජය ගැනීමට නිර්දේෂිත ක්‍රියාමාර්ග - 23 ශ්‍රීලංසිරෙ.

අම්පාර දිස්ත්‍රික්කයේ වාර්ගික, ආගමික සහ සංස්කෘතික සංහිඳියාවට ඇති අභියෝග - 11ශ්‍රීලංජාආබමු.

අම්පාර දිස්ත්‍රික්කයේ වත්මන් වාරිමාර්ග පද්ධති - 16 ශ්‍රීලංජාආබමු.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 241 සහ 242 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 24 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, ඒකකයන්හි අණදෙන නිළධාරීන් සහ නිලධාරීන් 40 කට ආසන්න පිරිසක් මෙම පුහුණු දිනය සඳහා සහභාගී වූහ.