Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st March 2023 11:24:35 Hours

242 බලසේනාවේ භට පිරිස් පොතුවිල් සිංහල විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ආශිර්වාදය ඇතිව 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්‍ෂණය යටතේ 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරාධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම යටතේ වැලිවේරිය, 306 බී 2, සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව, 242 පාබල බලසේනාවේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පොතුවිල් සිංහල විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල 2023 මාර්තු 27 දින සිසු අයිතියට පත් කරන ලදී.

විෂය ක්ෂේත්‍ර රැසකට අදාළ පොත්පත් දහසක් සිංහ සමාජය එදින පරිත්‍යාග කළේය. එමෙන්ම සිසුන් හතර දෙනෙකුට රුපියල් 2500.00ක් වටිනා ශිෂ්‍යත්ව හයක් ද, සිසුන් දෙදෙනෙකුට රුපියල් 5000.00ක් වටිනා ශිෂ්‍යත්ව ද ලබා දෙන ලදී.

ප්‍රදේශයේ වාර්ගික සහජීවනය පෙන්නුම් කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් සිසුන් මෙම පාසලේ සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබයි. බොහෝ සිසුන් අඩු ආදායම්ලාභී පවුල්වල අය වන අතර එම පොත්පත් ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මෙම වැඩසටහන පාසලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ දෙමාපියන්ගේ ඉමහත් ඇගයීමට ලක් විය. තවද, පාසලේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දීමට සිංහ සමාජය එකඟ විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති අනුරාධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරී සහභාගි වූ අතර, සිවිල් සමිබන්ධීකරණ කටයුතු නිලධාරි, අණදෙන නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සහභාගී විය.