Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd April 2023 09:06:05 Hours

2 වන ගජබා රෙජිමේන්තුව විසින් ඉෆ්තාර් උත්සව වැඩසටහනක් සංවිධානය කරයි

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 2 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් වර්ණ වර්ණකුලසූරිය ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් මුස්ලිම් ප්‍රජාව වෙත රසවත් ආහාර පාන පිරිනැමීමේ ඉෆ්තාර් උත්සවයක් සංවිධානය කරන ලදී. රාමසාන් උපවාසයේ අවසාන දිනයට අදාළව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව සමඟ ඇති බැඳීම ශක්තිමත් කිරීම සහ සිවිල්-හමුදා සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා බළඇණි මූලස්ථානයේ දී 2023 අප්‍රේල් 18 දින මෙම වැඩසටහන පැවැත්විණි.

2 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් වර්ණ වර්ණකුලසූරිය, නිළධාරීන්, සෙසු නිළයින් සහ මුස්ලිම් ප්‍රජාව 50 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ.