Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th May 2023 11:19:35 Hours

24 වන පාබල සේනාංක වෙසක් උත්සවය සැමරීම

24 වන පාබල සේනාංකායේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර් න මග පෙන්විම යටතේ 2023 වසරේ වෙසක් මංගල්‍ය අති උත්කර්ෂමත් අන්දමින් සේනාංකය සහ ඒ යටතේ පාලනය වන බලසේනා මුලස්ථාන මෙන්ම ඒකකයන්හි දී ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ගෙන් සමන්විතව සමරන ලදි.

ඒ අනුව 24 පාබල සේනාංකයේ සෙනින් විසින් නිර්මාණය කරන ලද බෝසත් තෙමගුල ඇතුලත් පහන් කූඩුවක් සහ ඔසුපැන් දන්සැලක් අම්පාර මල්වත්ත මන්සන්දියේදි ද, 241 බලසේනා මුලස්ථානයේ භට පිරිස් විසින් එම මුලස්ථාන පිහිටි අක්කරපත්තුව නගරයේ සව් දන්සලක් ද සංවිධානය කරන ලද අතර, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් බෝධි පූජා පිංකමක් සහ කොත්තමල්ලි දන්සලක් නීත්ත ශීලතලාරාම විහාරස්ථානය සහ එරගම පිහිටි බී කණ්ඩායම ඉදිරිපිටදී පවත්වන ලදි. මීට අමතරව එම බළඇණියේම ඒ සහ ​​සී කණ්ඩායම විසින් විචිත්‍ර පහන් කූඩුවක් අක්කරපත්තු විහාරස්ථානයේ ප්‍රදර්ශණය කරන ලදී.

තවද 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරීගේ මගපෙන්වීම යටතේ එහි මුලස්ථානය පිහිටි අන්නමලේ හිදී බෝධි පූජා පිංකමක් සහ කොත්තමල්ලි දන්සලක් සංවිධානය කරන ලද අතර, 18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් වෙසක් පෝය දින රාත්‍රියේ කර්තිව්හි බැතුමතුන් සදහා බත් දන්සලක් සංවිධානය කර තිබු අතර ඊට සමගාමීව කල්මුණේ නගරයේදී සිත් ඇදගන්නාසුළු වෙසක් කූඩුවක් ප්‍රදර්ශණය කරන ලදී.

එමෙන්ම 242 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති තුමාගේ මගපෙන්විම යටතේ තිරුක්කෝවිල් කෝමාරි හා පොතුවිල් ප්‍රදේශයන් වලදි ආමිස හා ප්‍රතිපත්ති පුජා වැඩ සටහන් මාලාවක් සංවිධානය කර තිබු අතර බළසේනා මුලස්ථානයේ සෙනින් විසින් වර්ණවත් පහන් කූඩු ප්‍රදර්ශණයක් සහ දන්සලක්ද 23 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙන් වෙන්ව ප්‍රනීත ආහාර පාන වර්ග වලින් යුත් දන්සල් දෙකක්ද වෙසක් උත්සවය වර්ණවත් කිරිම සදහා පවත්වන ලදි.