Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st May 2023 12:03:27 Hours

231 බලසේනාව මඩකලපුව ජනතාව සමඟ අවුරුදු උත්සවය සමරයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ අලුත් අවුරුදු උත්සවයක් 2023 අප්‍රේල් 30 පැවැත්විණි. 231 වන පාබල බලසේනාවේ භට පිරිස් සමග මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව මඩකලපුව නගරයේ මෙම උත්සවය සංවිධානය කරන ලදී. බහු සංස්කෘතික, ආගමික, බහු වාර්ගික වශයෙන් සිවිල්-හමුදා සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සබඳතා ඇති කර ගැනීමේ අරමුණින් අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර ඇත.

මෙම අවුරුදු උත්සවය මැරතන්, පාපැදි තරග, ඔරු පැදීම, ග්‍රීස් ගස නැඟීම, කොට්ට පොර, කඹ ඇදීම, අලුත් අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ආදී සම්ප්‍රදායික හා ග්‍රාමීය ක්‍රීඩාවලින් අලුත් අවුරුදු උත්සවය සමන්විත විය. තවද, උත්සවය සිංහල සහ දෙමළ සම්ප්‍රදායික නැටුම් අංගයන්ගෙන් වර්ණවත් විය. එම අවස්ථාවන්ට සිංහල සහ දෙමළ සිවිල් වැසියන් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සහභාගි වූහ.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කලාමති පත්මරාජා මහත්මිය, 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, සහ මඩකලපු දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ මහතාද එක්විය.

231 පාබල බලසේනාව, බලඇණිවල අණදෙන නිලධාරීන්, නිලධාරීන්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මඩකලපුව පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් වැඩසටහන සාර්ථකව නිම කිරීම සඳහා සිය උපරිම සහය ලබා දෙන ලදී.