Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

සේවා වනිතා ඒකකය

සේවා වනිතා ඉතිහාසය

යුද්ධයේ දි තම මව්බිමේ හි ඒකීය භාවය වෙනුවෙන් ප්‍රාණ දානය ලබාදූන්, අතුරුදන් වූ හා ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් උරදීම අරමුණු කරගනිමින්සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ ආදරණීය බිරින්දෑවරු එක්ව පිහිටුවාගත් සංවිධානය ”සේවා වනිතා” යනුවෙන් හැදින්වේ.

1984 ජූලි 12 වන දින පිහිටුවා ගන්නා ලදී යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් සෙබ`ඵන්ගේ සියලුම සුභසාධන කටයුතු උදෙසා උරදීම සිදුකරන ලදී අතර යුද්ධයේ කුරිරුබව වැඩිවෙත්ම මියගිය, ආබාධිත වූ සහ අතුරුදන් වූ සෙබ`ඵන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඔවුන් සියලු දෙනාගේම සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීම ”සේවා වනිතා” ශාඛාවට අසීරු කාර්යක් බවට පත්විය. ඒ අනුව රෙජිමේන්තු වෙන් වෙන් වශයෙන් සේවා වනිතා ශාඛාවන් පිහිටුවා ගත් අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ”ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ” මූලාරම්භය සිදුවිය.