31st July 2018 08:45:47 Hours
මෙම රෙජිමේන්තු සංස්ථාව වෙත අයත් ජ්‍යෙකොනොනීන් 58 දෙනෙකු බළලත් නිළධාරි II නිලය වෙත 2018/05/04 වන දින උසස් කිරිම් සිදු කර ඇත.
08th July 2018 20:56:39 Hours
28th June 2018 23:20:14 Hours
73 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 08 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති වන බි්රග්ඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි හට සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පවත්පවන ලදී පසුව සියළු නිළයින් අමතන ලද ලද අතර සියළු නිළ දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී. ඒදින සන්ධ්‍යාවේ අලංකාරවත් සංගිත සංදර්ශණයක්ද පවත්වන ලදී. ඒ් සඳහා ජනප්‍රිය ගායක/ගායිකාවන් රැසක්ද සහභාගි විය
21st June 2018 23:56:35 Hours
අන්තර් ඒකක සරඹ තරඟාවලිය 2018 ජූනි 01 වන දින ගිරිතලේ දී පවත්වන ලදී. මෙම තරගාවලිය සඳහා ශ්රීලයුහපොහේබ සියලු ඒකක සහභාගි විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අප රෙජිමේන්තු බලකාධිපති තුමන් සහභාගි වු අතර, මේ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් සහභාගී විය. මෙම තරගාවලියෙන් 3 ශ්රීලයුහපාහේබ ඒකකය පලමු ස්ථානය දිනාගත් අතර පිළිවෙලින් 2 වන හා 3 වන ස්ථාන 2 ශ්රීලයුහපොහේබ හා 4 ශ්රීලයුහපොහේබ ඒකකය දිනා ගන්නා ලදි. නි/ 68715 කපිතන් ඒඒ වික්‍රමරත්න හොදම අණදෙන්නා වශයෙන්ද, සෙ/676957 මාණ්ඩලික සැරයන් මදනායක එම්සී හොඳම සරඹ උපදේශකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.
21st June 2018 23:47:24 Hours
ජාතික රණවිරු උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකා රණවිරු අනුස්මරණ උත්සවය 2018.05.18 වන දින ගිරිතලේ පිහිටි මෙම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදී. මෙහිදි මව්බිම වෙනුවෙන් දිවිපිදු ශ්රීලයුහපොහේබ නිලධාරින් සහ සෙසුනිලයින් 56 දෙනෙකු අනුස්මරණය කරන ලදී.
16th May 2018 22:28:53 Hours
යුද්ධ හමුදා පොලිස් පාසලේ 13 වන සේනාවිධායක වශයෙන් නි/62334 ලුතිතන් කර්නල් එච්එම්එස්අයි සෙනරත් යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2018/05/07 වන දිනට යෙදුන සුභ මොහොතින් එම තනතුරේ වැඩ භාරගන්නා ලදී. එහිදි ප්‍රථමයෙන්ම නව සේනාවිධායක පිළිගනිමින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. අනතුරුව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් හෝරා 0926 ට යෙදුන සුභ මොහොතින් නව තනතුරේ වැඩ භාරගැනීම සිදුකර එතුමන් විසින් සියලු නිලයින් ඇමතීමෙන් අනතුරුව වැඩ භාරගැනීම සනිටුහන් කිරිම සඳහා සේනාවිධායක විසින් පැලයක් රෝපණය කරන ලදී.
16th May 2018 22:21:11 Hours
මෙම රෙජිමේන්තුව වෙත අයත් පහත නම් සදහන් ජ්‍යෙකොනොනින් සරඹ උපදේශක පාඨමාලාව සාර්ථකව හදරන ලදී.
16th May 2018 22:09:34 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අනුමත සංස්ථාව තුල රෙජිමේන්තු සැරයන් මේජර් තනතුර සදහා සෙ/676348 බනි 1 කේඩබ්ඒඑල් ආරියවංශ එම තනතුරේ වැඩ භාරගන්නා ලදී.
16th May 2018 22:01:13 Hours
මෙම රෙජිමේන්තු සංස්ථාව වෙත අයත් විනයාරක්ෂක සෙබල සෙබලියන් 70 දෙනෙකු සැරයන් නිලය වෙත 2018/05/04 වන දින උසස් කිරිම් සිදු කර ඇත.
16th May 2018 21:56:02 Hours
ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අභිමානයක් එක්කරමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් මෙම රෙජිමේන්තුව වෙත අයත් සෙ/676402 බනි 1 ඩිඑම්ආර් ගුණසේකර නව පත්වීම් ලැබීය.