Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

27th February 2020 18:53:43 Hours

නව මධ්‍යස්ථාන සේනාවිධායක එම ධූරයේ රාජකාරි භාර ගැනීම

රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 14 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් බිඑල්ආර් බමුණුසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020 පෙබරවාරි මස 27 වන දිනට යෙදි තිබු සුභමොහොතින් එම තනතුරේ රාජකාරි භාර ගැනීම පොල්හේන්ගොඩ ස්ථාපිත රෙම ශ්‍රීලයුපොහේබ මූලස්ථාන පරිශ්‍රයේදි සිදු කරන ලදි. ඒ සඳහා කඳවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනමන ලද අතර, අනතුරුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි රාජකාරි භාර ගැනීම සනිටුහන් වීම පිණිස පිනි ජම්බු වර්ගයේ පැලයක් කඳවුරු භූමියේ රෝපණය කිරිමෙන් අනතුරුව සියලු නිලයින් ඇමතීම හා සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි. මේ සඳහා ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදි.