Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩලය

මේජර් ජෙනරාල් ඒ සි ඒ ද සොයිසා යුඑස්පි එස්ඩිඑම්සි එල්එස්සි


විනයාරක්‍ෂකාධිපති (Provost Marshal) යන වදනට ඉතා ඈත අතීතයක් ඇත. ක‍්‍රි:ව: 7 වන ශතවර්ෂයේ ප‍්‍රංශයේ චාල් මැග්නේ් (Charlemagne) අධිරාජ්‍යවරුන් තම යුද මෙහෙයුම් සඳහා භාවිත සියලූ සැපයුම්හි වගකීම මාර්ෂල් (Marshal) වරයෙකු වෙත පවරා තිබූ අතර, මෙම තනතුරට නීති බලාත්මක කිරීමේ වගකීම කි‍්‍ර:ව: 11 වන සියවසේ ජර්මනිය පාලනය කල හොන්ස්ටෝෆන් (Hohenstaufen) අධිරාජ්‍යයන් විසින් පවරන ලදිග ඊට අමතරව එකල විනයාරක්‍ෂකාධිපති තනතුර අධිරාජ්‍යයාගේ ප‍්‍රධාන නියෝජිතයෙකුගේ තත්වයෙහිලා නෛතික බලතල සහිතව පිරිනැමිණිග වත්මන් විනයාරක්‍ෂකාධිපති තනතුර ක‍්‍රි:ව: 18 වන ශත වර්ෂයේ රෝමය පාලනය කල අධිරාජ්‍යයන්ගේ සමයෙහි රාජකාරි කල මාර්ෂල් (Marshal) වරුන්ගේ ආභාෂය ලබා ගෙන ඇති අතර එමගින් අධිරාජ්‍යාගේ හමුදාවන්හි විනය පවත්වාගෙන යාම හා හමුදාව තුල නීති බලාත්මක කිරීමේ බලය ගැබ්විය. ලොව පළමු විනයාරක්‍ෂකාධිපති වශයෙන් දැනට වාර්තාවී ඇති නාමය වන්නේ කි‍්‍ර:ව: 1511 දී එංගලන්තය විසින් මූවර් වරුන්ට එරෙහිව ජිබ්‍රෝල්ටා ආක‍්‍රමණයේදී එංගලන්ත හමුදාවන්හි විනයාරක්‍ෂකාධිපති තනතුර දැරූ සිවිල් නිලධාරියෙකු වූ ශ‍්‍රීමත් හෙන්රි ගිල්ෆර්ඞ් (Sir Henry Guyldford) තුමන්ගේ නාමයයිග ඉන් අනතුරුව ලොව ප‍්‍රථම වරට 1643 බි‍්‍රතාන්‍ය යුද හමුදාවේ කපිතන් විලියම් ස්ම්ත් (Captain William Smith) මෙම තනතුරට පත්වූ පළමු යුද හමුදා නිලධාරියා වශයේ ඉතිහාසගතවී ඇතග බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් වූ ශ‍්‍රී ලංකාව නිදහසින් පසු බිහිකල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද බි‍්‍රතාන්‍ය ආභාෂය තුලින් යුද හමුදාවේ ඉතාමත් වැදගත් තනතුරක් වූ විනයාරක්‍ෂකාධිපති තනතුර 1988 ජුනි 01 වන දින සිට බලාත්මක කර ඇත.