Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

රෙජිමේන්තු ඉතිහාසය

බි‍්‍රතාන්‍ය කිරීටය යටතේ යටත් විජිතයක්ව පැවති අප රට 1948 පෙබරවාරි මස 04 වන දින නිදහස් හා නිවහල් රාජ්‍යයක් ලෙස නිදහස ලැබීමත් සමගම 1949 ඔක්තොම්බර් 10 වන දින ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව ස්ථාපනය කරන ලදි. යුද හමුදාවක් පවත්වා ගෙන යාමේදි හමුදා පොලීසියක් නොමැතිව නොහැකිය යන කියමන සාක්ෂාත් කිරිම වස් නිල් හිස් වැසුම් සහිත එක් නිළධාරියෙකු සහ සෙසු නිලයින් 09 දෙනෙකුගෙන් යුත් හමුදා සාමාජිකයින් කණ්ඩායමක් රතු හිස් වැසුම් කණ්ඩයට කැඳවා ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය 1949 ඔක්තොම්බර් 10 වන දින බි‍්‍රතාන්‍ය ජාතික ෂර්ලි ඔෆ් කෙනින් විසින් කොළඹ තුරඟ තරඟ පිටියේදී ආරමිභ කරන ලදි.

එසේ ආරම්භ කරන ලද යුද්ධ හමුදා පොලිස් අනු කණ්ඩය යුද්ධ හමුදාවේ ඒකකයන් ව්‍යාප්තියත් සමග යුද්ධ හමුදා පොලිස් හේවායාගේ රාජකාරි අවශ්‍යතාවය මත හා ඒකකයන්ගේ පාලන කටයුතු ඉටු කිරිම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පැනනැගිම හේතුකොටගෙන යුද්ධ හමුදා මුලස්ථායේ හචනි 15/90 - 1990.01.01 උපදෙස් ප‍්‍රකාරව 1990.04.19 වන දින නාරාහේන්පිට පිහිටි කඳවුරේදී යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය ලූතිතන් කර්නල් කේඒඑම්ජි කුලරත්න යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

යුදමය වාතාවරණය මත පාබල ඒකකල බලසේනා හා සේනාංක වැඩිවීමත්, ඒ සඳහා භඨ පිරිස් සිඝ‍්‍රයෙන් වර්ධනය විමත් සමග මෙම රෙජිමේන්තුව ඒකක 07 කින් පුහුණු පාසලක් හා විශේෂ විමර්ශණ ඒකකයක් වශයෙන් දිවයිනේ නොයෙකුත් ප‍්‍රදේශයන්හි ව්‍යාප්තියක් ඇතිවිය.

ඒ අනුව 1 ශ‍්‍රීලයුහපොහේබ ඒකකය 1949.10.30 වර්ෂයේ ස්ථාපනය කර දැනට පොල්හෙන්ගොඩ ප‍්‍රදේශයද, 2 ශී‍්‍රලයුහපොහේබ ඒකකය 1991.04.01 වන දින ස්ථාපනය කර දැනට ගිරිතලේ ප‍්‍රදේශයේද, 3 ශී‍්‍රලයුහපොහේබ ඒකකය 1991.03.22 වන දින ස්ථාපනය කර දැනට ගල්කුලම ප‍්‍රදේශයේ ස්ථානගතව ඇත. 2000.08.13 වන දින ආධාරක ඒකකයක් ලෙස ස්ථාපිත කරන ලද 4 ශ‍්‍රිලයුහපොහේබ ඒකකය දැනට කන්කසන්තුර ප‍්‍රදේශයද, 5 සහ 6 ශ‍්‍රිලයුහපොහේබ ඒකක පිලිවෙලින් 2009.12.28 වන දින කිලිනොච්චිය ප‍්‍රදේශයේ හා 2012.10.18 මුලතිව් ප‍්‍රදේශයන්හිදල 7 ශ‍්‍රීලයුහපොහේබ ඒකකය 2015.11.12 වන දින දියතලාව ප‍්‍රදේශයේද පිහිටවිම තුලින් අප රෙජිමේන්තු ඉතිහාසයට එක්වනු ඇත.

යුද්ධ හමුදා නිලධාරි/සෙසුනිලයින් විසින් සිදුකරනු ලබන නිති විරෝධි ක‍්‍රියාවන්/අපරාධ ක‍්‍රියාවන් හා සංග‍්‍රාම්ක දේපල සම්බන්ධ බරපතල වරදවල් මෙන්ම අතිශය සංවේදිවු සහ විශේෂ අවධානයක් යොමුකල යුතු වු බවට යුද්ධ හමුදාධිපතිවරයා විසින් හෝ විනයාරක්ෂකාධිපති විසින් වර්ගීකරණයට ලක්කරනු ලබන විෂයයන් සම්බන්ධයෙන් මුලික විමර්ශන කාර්යන්, සොයා බලා ක‍්‍රියා කිරිම වස් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් විශේෂ විමර්ශන ඒකකය 1997.06.06 වන දින පිහිටුවන ලදි. තවද නිලධාරි/සෙසුනිලයින් හට පාඨමාලාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පුහුණු අංශයකින් සිදුකිරිමට අපහසු බැවින් 2000.08.13 වන දින නිළධාරින් 10 ක් හා සෙසු නිළයින් 52 කින් සමන්විත යුද්ධ හමුදා පොලිස් පාසල ගිරිතලේ ප‍්‍රදේශයේ ස්ථාපනය කරන ලදි.

යුද්ධ හමුදා පොලිසියේ තවත් විශේෂ රාජකාරියක් වශයෙන් ක්ෂේත‍්‍ර රාජකාරීන් හැදින්විය හැක. සෑම ශී‍්‍රලයුහපොහේබ ඒකකයක්ම තම බල ප‍්‍රදේශ ආවරණය වන පරිදි යුද්ධ හමුදා විශේෂ උත්සව හා රාජ්‍ය උත්සව අවස්ථාවන් වලදී පරිවාරක රාජකාරි, දොර විවෘත කිරිම, රිය හැසිරවිම හා අනෙකුත් ක්ෂේත‍්‍ර රාජකාරි ඉටු කරනු ලබයි

තවද යුද්ධ හමුදා පොලිසියේ සෑම කොට්ඨාශයකම පාලන කටයුතු විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුහමු යටතේ පාලනය වන අතර, ක්ෂේත‍්‍ර රාජකාරින්ද එම අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතිය මත ඉටු කිරිම විශේෂත්වයකි. තවද, සෙබළුන්ගේ විනය පවත්වාගැනිම වස් එංගලන්ත යුද්ධ හමුදාවේ ඉතා ප‍්‍රවීන විමර්ශන ඒකකයක් පිහිටුවා එමගින් එංගලන්ත යුද හමුදාව තුල සිදුවන අක‍්‍රමිකතා සහ අනර්ථයන් පිළිබද සාර්ථක පරික්‍ෂණ ඉටුකර ඇති අතර, එය ආභාෂයට ගනිමින් ශි‍්‍ර ලංකා යුද්ධ හමුදාව තුලද විනය පරිහානියට පත්විම වළක්වා ගැනිම සඳහාත් දුෂණ අවම කර ගැනිම සඳහාත් විශේෂ විමර්ශණ ශාඛාවක අවශ්‍යතාවය පැන නැගිණ.ඒ අනුව 1956 දි ශි‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිසිය තුල විශේෂ විමර්ශණ ශාඛාවක් ස්ථාපිත කර එම විමර්ශණ ශාඛාවට නව ජිවයක් ලබාදිම සඳහා කොමිෂන් නොලත් නිළධාරින් දෙදෙනෙකු ස්කොට්ලන්යාඞ් රහස් පොලිසියේ පුහුණු පාඨමාලාවකටද සහභාගි කරවා ඇති අතර, එහි ප‍්‍රථිපලයක් වශයෙන් දැනට සෑම ශී‍්‍රලයුහපොහේබ ඒකකයකම විශේෂ විමර්ශණ අංශයක් ස්ථාපිත කොට ඇත. එම කාල වකවානුව තුල ශි‍්‍ර ලංකා යුද්ධ හමුදාෙවි ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයද සීඝ‍්‍ර ලෙස වර්ධනය වු අතර, මහා මාර්ග නීති උල්ලංඝනය කරන්නන්ද වැඩිවිය. එවකට සිටි යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් පරිදි හැව්ලොක් චතුරස‍්‍රයේ යුද්ධ හමුදා පොලිස් ප‍්‍රවාහන පාසල පිහිටුවිය. මෙම ප‍්‍රවාහන පාසල මගින් ජංගම මුර සංචාර පවත්වමින් අධික වේගයෙන් මහා මාර්ගයේ පදවන යුද්ධ හමුදා වාහන සහ රියදුරන් නීිතියේ රැහැනට හසුකර ගැනීමටත්, සිදුවන රිය අනතුරු විමර්ශණය කර යුද්ධ හමුදාවේ දේපල ආරක්‍ෂා කර ගැනිමේ කාර්ය්‍ය සඳහාත් මහඟු මෙහෙවරක් ඉටු කරන අතර, එම කාර්ය්‍යන් සඳහා සෑම ඒකකයක් විසින්ම ප‍්‍රවාහන පාසල් ආරම්භ කර ඇත.

ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය පිහිටුවීමත් සමගම එම කාන්තා සෙබලියන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා 1983 වසරේ ප‍්‍රථම යුද හමුදා පොලිස් කාන්තා සෙබලියන් ආධුනික විනයාරක්ෂක සෙබළියන් ලෙස යුද හමුදා පොලිසිය වෙත අනුයුක්ත කරන ලද අතර, මේ වන විට විනයාරක්‍ෂක රාජකාරී මෙන්ම ක්ෂේත‍්‍ර රාජකාරින්ද එම සෙබලියන් විසින් ඉටු කරනු ලබයි