Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

පුහුණු මධ්‍යස්ථානය

සේනාවිධායක


කර්නල් ඩිඩිඩි සේරසිංහ යුඑස්පි

ශ‍්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය වෙත ආවේණික වූ පුහුණුවීම් වන ආධුනික විනයාරක්‍ෂක පාඨමාලාවන් මෙන්ම සියළුම නිළ උසස් කිරීමේ හා සංස්කරණ පාඨමාලාවන් පැවැත්වීම සඳහා මෙම බලකාය ආරම්භයේ සිට රෙජිමේන්තුවට අනුබද්ධව රෙජිමේන්තු පුහුණුවීම් අංශය - නාරාහේන්පිටහි ස්ථාපිතව ඉහත සියලූම පාඨමාලාවන් එමගින් පවත්වාගෙන යන ලදි. යුද්ධ හමුදාවේ ව්‍යාප්තියත් සමඟ යුද හමුදා පොලිස් හේවා බලකාය වෙතද ආධුනිකයින් බඳවා ගන්නා ප‍්‍රමාණය ඉහල ගිය අතර ඒ අනුව ආධුනිකයින් පුහුණු කිරිම නිල උසස් කිරිමේ පාඨමාලාවන් පැවැත්වීම වැනි අප රෙජිමේන්තුවට ආවේණික වු පාඨමාලාවන් හැදැරිමටත් ඔවුන් වෙත නිසි පුහුණුවක් ලබාදිම සඳහාත් පුහුණු පාසලක අවශ්‍යතාවය දැනුනි. ඒ අනුව මෙම පාඨමාලාවන් නියමිත පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාම පුහුණු අංශයකින් සිදුකිරිම අපහසු බැවින් 2000-08-13 දින සිට මෙම පුහුණුවීම් අංශය නිළධාරීන් 10 ක් හා සෙසු නිළයින් 52 ක සංස්ථාවකට යටත්ව යුද හමුදා පොලිස් පාසලක් වශයෙන් ස්ථාපනය කරන ලදි

එතැන් පටන් රෙම:ශ‍්‍රිලයුහපොහේබ නාරාහේන්පිට යටතේ පැවැති මෙම පුහුණු පාසල 2003-12-24 දින සිට 2 ශ‍්‍රිලයුහපොහේබ ඒකකය ස්ථාපිත ගිරිතලේ කඳවුර වෙත පැමිණ එම කඳවුරු භූමියේ ස්ථාපිතව මේ දක්වා පුහුණුවීම් සිදුකරගෙන යනු ලබයි. මේ වන විට මෙම පාසල මගින් ශ‍්‍රිලයුහපොහේබ රෙජිමේන්තුවට ආවේණික පාඨමාලාවන්ට අමතරව වෙනත් රෙජිමේන්තු ඒකක ජේ්‍යකොනොනින්/කොනොනීන් සඳහා පුහුණු අම අනුමැතිය මත ඒකක විනයාරක්ෂක පාඨමාලා හා මහා මාර්ග විනය හා උපදේශක සංග‍්‍රහය පිළිබඳ පාඨමාලා මෙන්ම යුද හමුදා පොලිසියේ සහ නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ නිලධාරින් හා සෙසුනිලයින් හට අපරාධ විමර්ශණ පාඨමාලාවද සියලූ යුද හමුදා පොලිස් සාමාජිකයින් හට බලඇණි පුහුණුවීම් පාඨමාලාවන්ද ඉතා උසස් ආකාරයෙන් පවත්වාගෙන යනු ලබයි.

හිටපු සේනාවිධායකවරුන්

මේජර් එච්එස් ද සොයිසා
(2002.03.01 - 2003.09.23)


ලුතිතන් කර්නල් ඩීපීඑම්ටී උභයවර්ධන
(2003.12.04 - 2005.08.09)
(2005.08.09 - 2005.09.12)
(2007.03.06 - 2007.05.29)


ලුතිතන් කර්නල් අයිඔිඩබ් මාදොල
(2005.09.14 - 2006.09.22)


ලුතිතන් කර්නල් ඒඑස්පී පොඩිරාළහාමි
(2006.09.22 - 2007.03.06)
(2007.05.29 - 2007.03.03 )
(2009.04.07 - 2009.07.15)


ලුතිතන් කර්නල් එල්පීආර් පේ‍්‍රමලාල්
(2008.03.04 - 2008.09.09)


මේජර් ඒසිඒ ද සොයිසා
(2008.09.09 - 2009.04.06)


ලුතිතන් කර්නල් ජේඑච්ජේ නිශාන්ත
(2009.07.16 - 2010.03.20)


ලුතිතන් කර්නල් ඒඑම්ආර් අබේසිංහ
(2010.03.20 - 2014.01.10)


ලුති කර්නල් බිඑල්ආර් බමුණුසිංහ
(2014.01.10 - 2014.06.25)


ලුතිතන් කර්නල් ආර්ඩි සලේ
(2010.03.20 - 2014.01.10)


ලුතිතන් කර්නල් ඩිඑම්ඒ බණ්ඩාර
(2017.02.09 - 2018.02.08)


ලුතිතන් ආර්එම්කේඒඑස් රාජනායක
(2021.09.10 - 2023.08.05)