Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

ක්‍රීඩා හා මලල ක්‍රීඩා

අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලිය

2019 අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලිය, 2019 ජනවාරි මස 08 දින සිට 12 වන දින දක්වා ප්ර ගුණ හා සැගවුනු වෙඩික්කරු පුහුනු පාසල දියතලාවේදි පවත්වන ලදි. මෙම තරගාවලිය ස‍දහා අප රෙජිමේන්තුව නියෝජනය කරමින් සහභාගි වු කාන්තා කණ්ඩායම පලමු ස්ථානය දිනාගැනීමට සමත් විය. එමෙන්ම කාන්තා කේවල තරගාවලියේදි පහත නම් සදහන් සෙබලියන් විසින් නම් ඉදිරියේ දක්වා ඇති ස්ථානයන් ලබා ගැනීමට සමත්විය.

Sinhala

අන්තර් රෙජිමේන්තු ආධුනික ගෘහස්ථ ඔරු පැදීමේ තරගාවලිය - 2018

අන්තර් රෙජිමේන්තු ආධුනික ගෘහස්ථ ඔරු පැදීමේ තරගාවලිය, 2018 ඔත්තෝබර් මස 25 වන දින සිට 26 දින දක්වා යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීමඩාංගනය පනාගොඩහිදි පවත්වන ලදි. මෙම තරගාවලිය සඳහා සහභාගි වු අප රෙජිමේන්තු කාන්තා කණ්ඩායම ශූරතාවලිය දිනා ගන්නා ලදි. මෙම තරගාවලිය සඳහා පහත නම් සඳහන් කාන්තා සෙබළියන් සහභාගි වන ලදි.

සෙ/679059 කෝප්රීල් ඉඳුනිල් ඩීඒ

සෙ/679437 කෝප්රීල් රත්තුතුංග කේඩීඑම්

සෙ/678732 ලා/කෝ නදිෂාණි ඩී

සෙ/680622 ලා/කෝ මුතුමලි ආර්එස්

සෙ680607 ලා/කෝ බණ්ඩාර එස්ආර්ඩිටි

සෙ/680615 ලා/කෝ ලියනගේ එස්ජිටි‍

Sinhala

ආසියානු පැරා මළල ක්‍රීඩා තරගාවලය සදහා සහභාගිවීම

5 ශ්‍රීලයුහපොහේබ වෙත අයත් සෙ/678878 ලා/කෝ දුලාන් කේඒඑස් යන කොනොනි 2018 ඔක්තෝබර් මස 06 වන දින සිට 2018 ඔක්තෝබර් මස 14 දින දක්වා ඉන්දුනිසීයාවේ පැවති ආසියාතික ආබාධිත මළල ක්‍රීඩා තරඟාවලියට සහභාගිවී එහි එෆ් 44 දරණ වෛද්‍ය වර්ගීකරණය යටතේ හෙල්ල විසි කිරීමේ තරඟය සඳහා සහභාගි වී 4 වන ස්ථානය දිනාගෙන මෙම රෙජිමේන්තුව වෙත කීර්තියක් අත්කර දෙන ලදි.

Sinhala

එතෙර සංචාර සඳහා මුදල් පරිත්‍යාග ලබාදීම

2018 ඔක්තෝබර් මස 06 වන දින සිට 2018 ඔක්තෝබර් මස 14 වන දින දක්වා ජාතික පැරා කමිටුව විසින් සංවිධානය කරනු ලබන ඉන්දුනීසියා- ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු පැරා මළල කී‍්‍රඩා තරගාවලියේ හෙල්ල විසි කිරිමේ ඉසව්ව නියෝජනය කිරිම සඳහා මෙම රෙජිමේන්තුව වෙත අයත් සෙ/678878 ලා/කෝ දුලාන් කේඒඑස් - 5 ශී‍්‍රලයුහපොහේබ යන කොනොනි සහභාගිවීමට නියමිත ඇති අතර, ඔහු වෙනුවෙන් රෙජිමේන්තුවේ සියලු නිලධාරි හා සෙසුනිලයින් වෙතින් රු: 104,280,00 ක මුදලක් ප‍්‍රධානය කරන ලදි.

Sinhala

2018 ආරක්ෂක සේවා වුෂු තරගාවලිය

2018/09/03 දින සිට 2018/09/06 දින දක්වා පැවති 2018 ආරක්ෂක සේවා වුෂු තරගාවලිය පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවති අතර, යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරනු ලබන මෙම රෙජිමෙින්තුව වෙත අයත් පහත නමි සදහන් අයවලුන් විසින් පහතින් දක්වා ඇති පිරිදි පදක්කමි දිනාගෙන ඇත

Sinhala