Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

ක්‍රීඩා හා මලල ක්‍රීඩා

අන්තර් රෙජිමේන්තු කරාතේ තරගාවලිය

2017 යුද හමුදා අන්තර් රෙජිමේන්තු කරාතේ තරගාවලිය 2017.12.11 වන දින සිට 2017.12.15 වන දින දක්වා යුද හමුදා ශාරිරික අභ්‍යස පුහුණු පාසල පනාගොඩ ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදි පවත්වන ලදි. එහිදි කාන්තා හා පිරිමි ලෙස තරග කාණ්ඩ 04 ක් බරපංති 07 ක් යටතේ කුමිතෝ තරග සහ කේවල කාතා හා කණ්ඩායමි කාතා යන තරග ඉසවි යටතේ පැවැත් වු අතර, අදාල තරගාවලිය සදහා මෙම රෙජිෙමින්තුව නියෝජනය කරමින් කාන්තා හා පිරිමි ලෙස කණ්ඩායමි දෙකක් ඉදිරිපත් වු අතර, එහිදි පිරිමි කණ්ඩායම රන් පදක්කමි 06 ක් ද රිදි පදක්කමි 07 ක්ද ලෝකඩ පදක්කමි 08 ක් ද ලබා ගනිමින් සමස්ත තරගාවලියේ අනුශුරතාවයත් කලූ පටි තරග කණ්ඩයේ හා දුඔුරු පටි තරග කණ්ඩයේ අනුශුරතාවයත් හිමිකර ගන්නා ලදි. තවද කාන්තා කණ්ඩායම රන් පදක්කමි 05 ක් ද රිදි පදක්කමි 02 ක්ද ලබා ගනිමින් කාන්තා සමස්ථ අනුශුරතාවය දිනා ගැනිමට සමත්විය.

Sinhala

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් කීර්තියක් ගෙනදෙමින්

යුද්ධ හමුදා පිහිණුම් සංචිතය නියෝජනය කරනු ලබන නි/61548 කර්නල් ඒසීඒ ද සොයිසා යුඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා සෙ/679042 කෝප‍්‍රල් ජයසිංහ ටීඑම්සීඑල් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 2017.12.09 වන දින සිට 2017.12.19 වන දින දක්වා බ‍්‍රසීලයේ පැවති 49 වන ලෝක ආරක්‍ෂක සේවා පිහිණුම් ශූරතාවලිය සඳහා සහභාගි වන ලදි.

Sinhala

අන්තර් ඒකක එල්ලේ තරගාවලිය

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අන්තර් ඒකක එල්ලේ තරගාවලිය 2017/12/07 වන දින ශාලිකා ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදි. එහිදී 4 වන ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ශූරතාවය දිනාගත් අතර එහි අනුශූරයන් බවට විශේෂ විමර්ෂන ඒකකය පත්විය. තවද අදාල උත්සව අවස්ථාව සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බලකාධිපති බි‍්‍රගේඩියර් ඞීකේජීඞී සිරිසේන යූඑස්පී සහ මධ්‍යස්ථාන සේනාවිධායක සහභාගි වු අතර ඔවුන් විසින් ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා ත්‍යාග පිරිනමන ලදී.

Sinhala

අන්තර් ඒකක කබඩි තරගාවලිය - 2017

අන්තර් රෙජිෙමින්තු කබඩි තරගාවලියට ප‍්‍රථම 7 ශී‍්‍රලයුහපොහේබ ඒකකය වෙතින් පවත්වන ලද ශ‍්‍රීලයුහපොහේබ අන්තර් ඒකක කබඩි තරගාවලිය රෙම කබඩි සංචිතය භාර නිලධාරි වන ෙමිජර් කේසිපිකේ විතානගේ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප‍්‍රධානත්වයෙන් 2017.12.03 වන දින හෝරා 0800 ට එම සරඹ භුමියේදි පැවැත්වු අතර ඒ සදහා 2, 5, 6, 7, ශී‍්‍රලයුහපොහේබ හා විවිඒ නියෝජනය කරමින් පිරිමි කණ්ඩායමි 05 ක් හා විනයාරක්‍ෂක කාන්තාවන් නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගිවිය. එහිදි පිරිමි ජයග‍්‍රහණය 6 ශී‍්‍රලයුහපොහේබ වෙතින් හිමිකරගත් අතර අනුශුරතාවය 5 ශී‍්‍රලයුහපොහේබ වෙතින් හිමි කර ගන්නා ලදි.

Sinhala