Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

23rd February 2018 09:06:06 Hours

අන්තර් රෙජිමේන්තු කරාතේ තරගාවලිය

2017 යුද හමුදා අන්තර් රෙජිමේන්තු කරාතේ තරගාවලිය 2017.12.11 වන දින සිට 2017.12.15 වන දින දක්වා යුද හමුදා ශාරිරික අභ්‍යස පුහුණු පාසල පනාගොඩ ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදි පවත්වන ලදි. එහිදි කාන්තා හා පිරිමි ලෙස තරග කාණ්ඩ 04 ක් බරපංති 07 ක් යටතේ කුමිතෝ තරග සහ කේවල කාතා හා කණ්ඩායමි කාතා යන තරග ඉසවි යටතේ පැවැත් වු අතර, අදාල තරගාවලිය සදහා මෙම රෙජිෙමින්තුව නියෝජනය කරමින් කාන්තා හා පිරිමි ලෙස කණ්ඩායමි දෙකක් ඉදිරිපත් වු අතර, එහිදි පිරිමි කණ්ඩායම රන් පදක්කමි 06 ක් ද රිදි පදක්කමි 07 ක්ද ලෝකඩ පදක්කමි 08 ක් ද ලබා ගනිමින් සමස්ත තරගාවලියේ අනුශුරතාවයත් කලූ පටි තරග කණ්ඩයේ හා දුඔුරු පටි තරග කණ්ඩයේ අනුශුරතාවයත් හිමිකර ගන්නා ලදි. තවද කාන්තා කණ්ඩායම රන් පදක්කමි 05 ක් ද රිදි පදක්කමි 02 ක්ද ලබා ගනිමින් කාන්තා සමස්ථ අනුශුරතාවය දිනා ගැනිමට සමත්විය.