නවතම ප්රවෘත්ති
26th December 2025 18:10:50 Hours
මාණ්ඩලික සැරයන් කුලසේකර කේඑම්සීඑස් - 3 ශ්‍රීලයුපොහේබ, ජ්‍යෙකොනොනි ඔහුගේ විශිෂ්ඨ දක්ෂතා පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායට ආඩම්බරයක් ගෙන දෙමින් සරඹ උපදේශක පාඨමාලා අංක 134 හි ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදි.
15th January 2026 20:00:33 Hours
2025 නොවැම්බර් 18 සිට 2026 ජනවාරි 08 දක්වා ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පාසලේ පවත්වන ආයුධාගාර පාඨමාලාවේ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සෙ/681241 ලා/කෝ රන්කොත් ජිජිපිඒපි ප්‍රථම ස්ථානය ලබා ගත්තේය.
12th January 2026 18:02:22 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේඛම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2026 ජනවාරි 12 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති විධිමත් උත්සවයකදී නව උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි බ්‍රිගේඩියර් අයි ආර් හන්තානේආරච්චි හට නිල ලාංඡනය පැළඳවීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී.
07th January 2026 18:12:38 Hours
2025 දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 05 දක්වා පවත්වන ලද මූලික ප්‍රගුණ වෙඩික්කරුවන් පුහුණු කිරීමේ පාඨමාලා අංක 222 න් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ලුතිනන් එම්කේටීකේ මධුරංග ප්‍රශංසනීය වෙනසක් අත්කර ගත්තේය. වෙහෙසකර පුහුණුවක් සමගින් පැවති මෙම පාඨමාලාවට විවිධ ඒකකවලින් නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසු නිලයින් 38 දෙනෙකු සහභාගි විය.