18th February 2026 15:00:10 Hours
7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 8 වන අණදෙන නිලධාරී ලෙස ලුතිතන් කර්නල් කේටී රන්දික යුඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026.02.14 වන දින සුභ මොහොතින් අණදෙන නිලධාරි තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
18th February 2026 14:57:50 Hours
7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 7 වන අණදෙන නිලධාරී ලෙස රාජකාරි කල ලුතිතන් කර්නල් බිඑල්කේඑස් බාලසූරිය එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026.02.13 වන දින අණදෙන නිලධාරි තනතුරෙහි රාජකාරි අත්හරින ලදී.
28th January 2026 18:27:32 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් නිලධාරින්ගේ දැනුම වර්ධනය කිරිම සහ උසස්වීම් සඳහා මෙන්ම ආරක්ෂක සේනා අණ මාණ්ඩලික විද්‍යාලය වෙත ඇතුලත්වීමේ විභාගය සඳහා අවැසි වත්මන් සිදුවීම් සබැදි දේශණයක් කපිතන් දුම්න්ද කුරේ (විශ්‍රාමික) නිලධාරි විසින් පවත්වන ලදි. මෙම දේශනය සදහා නිලධාරි 39 දෙනෙකු සහභාගි වන ලදි.
26th January 2026 18:34:35 Hours
යුද්ධ හමුදා ශාරිරික අභ්‍යාස පුහුණු පාසල - පනාගොඩ වෙතින් පවත්වන ලද සහකාර ශාරීරික උපදේශක පාඨමාලාව - 135 සාර්තකව හදාරන ලද සෙ/681923 ලාකෝ මැණික් අතුල එස් ඩී යන කාන්තා සෙබළිය, කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදි.
25th January 2026 22:53:02 Hours
7 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය 2026 ජනවාරි 17 වන දින සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. සැමරුම් උත්සව අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බීඑල්කේඑස් බාලසූරිය එල්එස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
19th January 2026 12:38:28 Hours
2026 ජනවාරි 19 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති විධිමත් උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව උසස්වීම් ලැබූ නිලධාරීන් තිදෙනෙකු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී විසින් ඔවුන්ගේ නිලයට හිමි නව නිල ලාංඡනයන්ගෙන් සරසන ලදී.
15th January 2026 20:00:33 Hours
2025 නොවැම්බර් 18 සිට 2026 ජනවාරි 08 දක්වා ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පාසලේ පවත්වන ආයුධාගාර පාඨමාලාවේ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සෙ/681241 ලා/කෝ රන්කොත් ජිජිපිඒපි ප්‍රථම ස්ථානය ලබා ගත්තේය.
12th January 2026 18:02:22 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේඛම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2026 ජනවාරි 12 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති විධිමත් උත්සවයකදී නව උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි බ්‍රිගේඩියර් අයි ආර් හන්තානේආරච්චි හට නිල ලාංඡනය පැළඳවීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී.
07th January 2026 18:12:38 Hours
2025 දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 05 දක්වා පවත්වන ලද මූලික ප්‍රගුණ වෙඩික්කරුවන් පුහුණු කිරීමේ පාඨමාලා අංක 222 න් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ලුතිනන් එම්කේටීකේ මධුරංග ප්‍රශංසනීය වෙනසක් අත්කර ගත්තේය. වෙහෙසකර පුහුණුවක් සමගින් පැවති මෙම පාඨමාලාවට විවිධ ඒකකවලින් නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසු නිලයින් 38 දෙනෙකු සහභාගි විය.
07th January 2026 17:56:52 Hours
ශ්‍රී ලංකා යු යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිඅභපි (මුලතිව්) සිය 2 වන සංවත්සරය 2025 දෙසැම්බර් 28 වන දින මාණ්ඩලික නිලධාරී 1 ලුතිනන් කර්නල් ජේඑස් ජයතිලක යූඑස්පී ගේ මඟ පෙන්වීම යටතේ ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් වැඩසටහන් මාලාවක් සමඟින් සංවත්සරය සමරනු ලැබීය.