03rd January 2026 22:08:49 Hours
5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුරේ අලුතින් ඉදිකරන ලද “බුදු මැදුර” 2025 දෙසැම්බර් 28 වන දින 5 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
26th December 2025 18:10:50 Hours
මාණ්ඩලික සැරයන් කුලසේකර කේඑම්සීඑස් - 3 ශ්‍රීලයුපොහේබ, ජ්‍යෙකොනොනි ඔහුගේ විශිෂ්ඨ දක්ෂතා පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායට ආඩම්බරයක් ගෙන දෙමින් සරඹ උපදේශක පාඨමාලා අංක 134 හි ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදි.
23rd December 2025 20:50:57 Hours
දියතලාව, 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ අලුතින් ඉදිකරන ලද සියලුම නිලයන් සඳහා නිවාඩු නිකේතනය 2025 දෙසැම්බර් 22 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් බී කේ ජී එම් එල් රොඩ්රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩියු පීඑස්සී අයිජී විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
15th December 2025 19:08:09 Hours
1 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය 2025 ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී සිය 76 වන සංවත්සරය සැමරීම අරමුණු කර ගනිමන් විවිධ වු වැඩසටහන් රාශියක් සංවිධානය කර පවත්වනු ලැබීය.
20th November 2025 16:12:58 Hours
2025 නොවැම්බර් 20 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උසස් වීම් ලද නිලධාරින් හට නිල ලාංඡන පලදන ලදි.
10th November 2025 18:45:42 Hours
2025 නොවැම්බර් 08 වන දින යුද්ධ හමුදා පොලිස් පාසල - ගිරිතලේ පෙළපාළි භූමියේදී, විනයාරක්ෂක පාඨමාලා අංක 85 හි විසිරයාමේ පෙළපාලියක් පැවැත්වින, මෙම විසිරයාමේ පෙළපාලිය විනයාරක්ෂක නිලධාරියෙකු සහ අලුතින් බඳවා ගන්නා ලද විනයාරක්ෂක සෙබලුන් 32 දෙනෙකුගෙන් සමන්විත විය.
09th November 2025 19:07:51 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා 2025 අන්තර් ඒකක වොලිබෝල් තරඟාවලිය, ශ්‍රී ලංකා යුද හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ ගල්කුලමේදී 3 වන ශ්‍රී ලංකා යුද හමුදා හේවා බලකා විසින් සාර්ථකව සංවිධානය කරන ලදී.
30th October 2025 18:20:05 Hours
1949 දී ආරම්භ වූ අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 1 වන රෙජිමේන්තුව අද, එනම් 2025 ඔක්තෝබර් 30 වන දින සිය 76 වන සංවත්සරය ආඩම්බරයෙන් සමරයි.
14th October 2025 16:04:39 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අලුතින් උසස්වීම් ලැබූ බලලත් නිලධාරීන්ට 2025 ඔක්තෝබර් 11 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ පැවති උත්සවයකදී නිල උසස්වීම් ලද බලලත් නිලධාරින් වෙනුවෙන් නව නිලයන් ප්රදානය කරන ලදී.
14th October 2025 13:25:17 Hours
2025 ඔක්තෝබර් 09 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී නිල උසස්වීම් ලද බ්‍රිගේඩියර් ආර් ආර් පී පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ඔහුගේ නිලට හිමි නිල ලාංඡනය පළදවන ලදි.