15th December 2025 19:08:09 Hours
1 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය 2025 ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී සිය 76 වන සංවත්සරය සැමරීම අරමුණු කර ගනිමන් විවිධ වු වැඩසටහන් රාශියක් සංවිධානය කර පවත්වනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 30 වන දින නාරාහේන්පිට ශ්‍රී සාරිපුත්‍ර විහාරයේ දී අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩීජීඅයිපී ගොම්බරගේ යූඑස්පී පීඑස්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ පැවති බෝධි පූජාවකින් සංවත්සරයේ සැමරුම් ආරම්භ විය. මෙම ආගමික වතාවත්වලදී රෙජිමේන්තුවට, ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායට, ශ්‍රී ලංකා යුද හමුදාවට සහ ජාතියට ආශිර්වාද පළ කරමින් මියගිය රණවිරුවන්ගේ උත්තරීතර කැපකිරීම්වලට උපහාරයක් ද දැක්වීය.
මෙම වැඩසටහනේ කොටසක් ලෙස, 2025 නොවැම්බර් 1 වන දින ශ්‍රී ලංකා ඉංජිනේරු පිටියේදී අන්තර් කණ්ඩායම් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විණි. මෙහිදි ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) විනයාරක්ෂක කණ්ඩය ශූරයන් බවට පත් වූ අතර, උපකරණ ගබඩා කණ්ඩය අනුශූරතාවය ද දිනා ගන්නා ලදි. මෙහිදි අසේමු බටහිර වින්‍යාරක්ෂක කණ්ඩයේ නිලධාරි අණදෙන වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජීඑම් රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරි තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගන්නා ලදී.
2025 ඔක්තෝබර් 30 වන දින අලංකාරවත් කදවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් පැවිති අතර. එම වැඩසටහනට සමගාමිව, සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් දස දෙනෙකුට ඔවුන්ගේ කැපවූ සේවය අගයමින් කෘතඥතා සංකේත ප්‍රදානයක් ද අණදන නිලදාරි ප්‍රධාත්වයෙන් සිදු කරන ලදි, ඉන් අනතුරුව රෙජිමේන්තුව තුළ සුහදත්වය වැඩි දියුණු කිරීම සඳහා සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
සංවත්සර සැමරුම් උත්සවය 2025 නොවැම්බර් 16 වන දින සැපර්ස් ලෙෂර් බේ හිදී පැවති සියලු නිලයන් සඳහා වූ හමුවකින් අවසන් වූ අතර, මෙම සංවත්සර සැමරුම මගින් 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලං යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු අභිමානය, එකමුතුකම සහ වෘත්තීය විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම ශක්තිමත් කරන ලදී.