12th May 2023 20:14:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයරක්‍ෂකාධිපති මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී 2023 අප්‍රේල් මස 24 වන දින 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - ගල්කුලම කඳවුරෙහි සංචාරයක නිරත විය. එතුමන් විසින් විනයරක්‍ෂකාධිපති තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු මෙම ඒකකය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
12th May 2023 20:09:32 Hours
18th April 2023 20:44:16 Hours
17th April 2023 15:01:26 Hours
විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය යටතේ රාජකාරි නියුතු ලිපිකරුවන්ගේ "රාජ්‍ය හා රාජ්‍ය නොවන මුදල් විඝණනයේදී ඇතිවන නිරීක්ෂණ, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇතිවන නිරීක්ෂණ, පරීක්ෂණ කටයුතු සඳහා සිවිල් නීතිය හා යුද්ධ හමුදා නීතිය යොදා ගන්නා ආකාරය සහ සිද්ධි අධ්‍යනයන් තුලින් විමර්ශන දැනුම වර්ධනය කර ගැනීම" පිලිබඳ පාඨමාලාව 2023.03.29 දින සිට 2023.04.04 දින දක්වා දින 7ක කාල සීමාවක් තුල විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලයේදී පවත්වන ලද අතර, එම අයවලුන් හට පාඨමාලාව අවසානයේ සහතික පත් බෙදා දීමක් සිදු කරන ලදී.
11th April 2023 21:53:26 Hours
1990 සැප්තැම්බර් මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැදී 2 ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායට අනුයුක්තව වසර 33 ක කාලයක් තුල ක්‍රීයාන්විත ඇතුළු දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල රාජකාරි ඉටුකරමින් රෙජිමේන්තුව වෙත අමිල මෙහෙයක් ඉටුකරමින් 2023 අප්‍රේල් 08 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදාවෙන් බ්‍රිගේඩියර් ඩීඑම්ඒ බංඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ගන්න ලදි.
11th April 2023 21:37:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විනයාරක්ෂකාධිපති තුමන් තනතුරෙහි රාජකාරි ආරම්භ කිරීමෙන් පසු 2023.03.31 වන දින විශේෂ විමර්ශන ඒකකයේ සංචාරය කරන ලද අතර, ඊට සමගාමීව එදින පස්වරුවේ විනයාරක්ෂකාධිපතිතුමන් විසින් මෙම ඒකකයේ සියළු නිළයින් අමතන ලද අතර, එය අවසානයේදී සියළු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.
11th April 2023 21:28:44 Hours
රෙජිමේන්තු පැසිපන්දු කණ්ඩායම වෙත නවක ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අරමුණින් යුතුව විශේෂ විමර්ශන ඒකකය මගින් සංවිධානය කරන ලද අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය මූලික තරඟ 2023.03.20 හා 21 යන දිනයන්හීදී රෙ ශ්‍රීලයුපොහේබ පැසිපන්දු ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
11th April 2023 21:24:43 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන දොරටුව - ආඥාපති ඉනපෙ (මුලතිවු) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2023.03.30 වන දින විවෘත කරන ලදී. මේ සඳහා විනයාරක්ෂාධිපති මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ හා ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී විය.
10th April 2023 10:36:58 Hours
3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා සංවත්සර දිනයට සමගාමීව 2023.03.22 වන දින අනුරාධපුර රියෙන්සි අලගියවන්න විශේෂ ලමා පාසලේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සිහත දරු දැරියන් වෙත දිවා ආහාර වේලක් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් පරිදි සුදුසු සනීපාරක්ෂක භාණ්ඩ බෙදාදීම ඇතුලු වැඩසටහන් මාලාවක් පවත්වන ලද අතර, ඒකකයේ රාජකාරි කරනු ලබන නිලධාරි/සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් යුතුව ධර්ම දේශණයක් පැවැත්වීමට කටයුතු කරන ලදී.
31st March 2023 15:24:48 Hours
ආඥාපති, යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන මෙන්ම සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/03/30 වන දින රෙම ශ්‍රීලයුපොහේබ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.