09th December 2022 10:54:05 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 නොවැම්බර් මස 08 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගනෙහිර බල ප්‍රදේශයෙහි ගිරිතලේ කඳවුරු භුමියේ ස්ථාපිත 2 ශ්‍රීලයුපොහේබ හී නිල සංචාරයක නිරත වන ලදි.
09th December 2022 10:38:12 Hours
2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් සෙ/679265 කෝප්රල් නානායක්කාර එන්ඊඩීපී යන කොනොනි 2022.11.13 වන දින මෙම කදවුර ඉදිරිපිට ඇති අවුකන අනුරූ බුද්ධ ප්‍රථිමා වහන්සේ සහ ශෛලමය බුද්ධ ප්‍රථිමා වහන්සේ පිහිටි පූජා භූමියේ ආරක්ෂාව සදහා රාජකාරි යොදවා සිටියදී එම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පැමිණි බැතිමතෙකු විසින් අමතකවීමකින් එම ස්ථානයේ දමා යන ලද ගමන් බෑගයක් ඔහු වෙත හමුවී ඇති අතර එය ඔහු විසින් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානය වෙත භාරදෙන ලදී.
09th December 2022 10:32:29 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් වන බ්‍රිගේඩියර් රමේෂ් සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා විසින් 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරය 2022 නොවැම්බර් මස 06 වන දින සිදු කරන ලදී .
09th December 2022 10:28:48 Hours
ශ්රිලයුපොහේබ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වන බ්‍රිගේඩියර් ආර්ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.11.06 වන දින 4 ශ්රිලයුපොහේබ ඒකකයේ සංචාරයක් සිදු කරන ලදී. එතුමන් 4 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි මේජර් කේඑන් ඉන්ද්‍රජිත් යූඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගත් අතර, ඊට සමගාමීව කඳවුරු සම්මාන මුරය, පැල රෝපණය, සමූහ ඡායාරූපය, සියලු නිලයින් ඇමතීම හා සියළු නිල තේ පැන් සංග්‍රහය යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී.
09th December 2022 10:09:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක වන බ්‍රිගේඩියර් ආර්ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022 නොවැම්බර් මස 05 වන දින 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරය සිදු කල අතර, ඒකක අණදෙන නිලධාරි මේජර් එම්ඩීඑස්යූකේ වීරසිංහ යූඑස්පි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එතුමන් පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරයක් ප්‍රධානය කරන ලදි.
09th December 2022 10:01:40 Hours
09th December 2022 09:34:24 Hours
2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ හා සෙසුනිලයිින්ගේ උන්නතිය උදෙසා ඉදි කරන ලද බහුකාර්ය සුභසාධක ගොඩනැගිල්ල 2022 ඔක්තෝබර් මස 13 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
09th December 2022 09:25:29 Hours
09th December 2022 09:07:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ඔරු පැදීමේ සංචිතය වෙත රු 780000.00 වටිනාකමකින් යුත් ගෘහස්ථ ඔරු පැදීමේ යන්ත්‍රයක් 2022.09.21 වන දින ඩබ් එම් සම්පත් විජේබණ්ඩාර මහතා විසින් පරිත්‍යාග කරන ලදි. මේ අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ජ්‍යෙකොනොනීන්/කොනොනීන් සහභාගි වන ලදි.
09th December 2022 08:54:04 Hours
4 ශ්රිලයුපොහේබ නව අණදෙන නිලධාරි වශයෙන් නි/65231 මේජර් කේඑන් ඉන්ද්‍රජිත් යූඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.07.09 වන දින ශුභ මොහොතින් වැඩ ආරම්භ කිරීමට සමගාමීව කඳවුරු සම්මාන මුරය, පැල රෝපණය හා සියලු නිලයින් ඇමතීම යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී.