18th March 2022 09:23:22 Hours
මෙම රෙජිමේන්තුව යටතේ රාජකාරි කරන ලද සෙ/677906 බනි 11 කුමාරි එස්ජීඑම් (විශ්‍රාමික) බලලත් නිලධාරිනිය හට යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සම්පූර්ණ නිවාස ව්‍යාපෘතියේ VII වන අධියර වෙතින් සම්පූර්ණ නිවසක් ඉදිකිරිම සඳහා මුල්‍ය හා ශ්‍රම දායකත්වය ලබාදීම යටතේ මුල්ගල තැබීම 2022 මාර්තු මස 04 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් කදුරුගහවත්ත රුහැණු විජයබා මාවත, කදුරුපොකුණ(උතුර), තංගල්ල යන ලිපිනයේදී මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රමේෂ් සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
10th March 2022 21:30:08 Hours
මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරිත්වයත් සුරැකීම තම පරම යුතුකම වශයෙන් සිත්හි තබාගෙන තම ජීවය දේශය වෙනුවෙන් කැපකරමින් සිදු කරන ලද අනුපමේය සේවය ඇගයීමේ අරමුණින් 32 වන රෙජිමේන්තු දිනයට සමගාමීව රෙජිමේන්තු බලකාධිපතිගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ උපදෙස් මත 2 ශ්‍රීලයුපොහේබ වෙතින් සංවිධානය කරන ලද රණවිරු සැමරුම් උත්සවය ගිරිතලේ වැව්තාවුල්ල මස්තකයේ ඉදිකර ඇති ශ්‍රීලයුපොහේබ රණවිරු සැමරුම් ස්මාරකය අභියසදි 2022 පෙබරවාරි මස 25 වන දින පවත්වන ලද අතර, මෙම උත්සවය සඳහා...
04th March 2022 10:08:45 Hours
14th February 2022 11:08:18 Hours
ශ්‍රීලයුපොහේබ රෙජිමේන්තුව වෙත ඉදුරාම බඳවා ගන්නා ලද පාඨමාලා අංක 80 වෙත අයත් විනයාරක්ෂලක සෙබළුන් 235 ක් හා විනයාරක්ෂරක කාන්තා සෙබළියන් 74 දෙනෙකු ඇතුලු සෙබළ සෙබළියන් 309 ක ගේ ඉවතයාමේ උත්සවය 2022.01.28 වන දින යුද්ධ හමුදාව වෙතින් සහ සංඛ්‍යව අංශ වෙතින් ලබා දී ඇති සෞඛ්‍යආරක්ෂිත උපදෙස් වලට අනුකුලව මෙම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් සීවලි රාජනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ඉදිරි නඩත්තු පෙදෙස ( මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පුහුණු පාසලේදී පවත්වන ලදි.
28th December 2021 20:45:55 Hours
මෙම රෙජිමේන්තුව යටතේ රාජකාරි කරමින් සිටියදි හදිසි අනතුරක් හේතුවෙන් මිය යන ලද සෙ/678978 කෝප්රල් අබේරත්න ජීඑම්ආර්එස් - 2 ශ්‍රීලයුපොහේබ කොනොනිගේ ලඟම ඥාතීන් වෙනුවෙන් නව නිවසක් ඉදි කිරිම සඳහා මුල්ගල තැබීම 2021 දෙසැම්බර් මස 20 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් ඉඹුලාන, රුවන්වැල්ල ප්‍රදේශයේදි මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රමේෂ් සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
22nd October 2021 10:51:07 Hours
මෙම රෙජිමේන්තුව වෙත ඉඳුරාම බඳවා ගන්නා ලද පාඨමාලා අංක 79 වෙත අයත් විනයාරක්ෂක සෙබලුන් 166 දෙනෙකු 2021/10/11 වන දින විසිර යන ලදි
මේ සඳහා මෙම පුහුණූ පාසලේ සේනාවිධායක කර්නල් සීවලී රාජනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බළකාධිපති වන මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෂ්ඨ නිළධාරි සහභාගි විය.
16th September 2021 12:58:36 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළකාධිපති වන බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021/09/15 දිනට යෙදී තිබු සුභ මොහොතින් ඉනපෙ(මුලතිවු) හි 16 වන ආඥාපති ලෙස එම ධුරයේ රාජකාරි භාර ගන්නා ලදී. මෙහිදී ආඥාපති තුමන් හට කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව වැඩ භාර ගැනීම සිදු කරන ලදී.
09th September 2021 10:15:59 Hours
ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම නියෝජනය කරමින් ජපානයේ ටෝකියෝ නගරයේ පැවති පැරාලිම්පික් තරඟය - 2020 සඳහා සහභාගි වූ කෝප්රල් දුලාන් කේඒඑස් - 5 ශ්රීලයුහපොහේබ යන කොනොනි හෙල්ල විසිකිරිමේ තරඟයේ එෆ් 44 කාණ්ඩයෙන් තරඟ කර 2021 අගෝස්තු මස 30 වන දින ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.
14th August 2021 09:07:03 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 15 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් ආර්ඩී සලේ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2021 අගෝස්තු මස 10 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි භාර ගැනීම පොල්හේන්ගොඩ ස්ථාපිත රෙම ශ්‍රීලයුපොහේබ මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
14th August 2021 08:35:25 Hours
බ්‍රිගේඩියර් බීඑල්ආර් බමුණුසිංහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරි කල අතර තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2021 අගෝස්තු මස 09 වන දින එම තනතුරේ රාජකාරි අත්හරින ලදි.