06th April 2020 16:56:30 Hours
නව කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාව තුල සීඝ්රයෙන් පැතිර යාමේ අවධානම් තත්වයකට පත්ව ඇති මෙම අවස්ථාවේ ශී‍්‍ර ලංකා රජය හා යුද්ධ හමුදාව විසින් එම වෛරසය පැතිරී යාම වැලැක්වීම සඳහා සියලූ කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින අතර, එම වෛරසයෙන් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන සියලූම අයවලූන් ආරක්ෂා කර ගැනිම සඳහා මෙම මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන සෙ/676486 සැරයන් පුෂ්ප කුමාර කේකේඑම් - 5 ශී‍්‍රලයුපොහේබ යන ජ්‍යෙකොනොනි විසින් 2020/04/06 වන දින නව විෂබීජ හරණ කුටියක් නිර්මාණය කර ප්‍රධාන දොරටුව අභියස ස්ථාපිත කරන ලදී.
27th February 2020 18:53:43 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 14 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් බිඑල්ආර් බමුණුසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020 පෙබරවාරි මස 27 වන දිනට යෙදි තිබු සුභමොහොතින් එම තනතුරේ රාජකාරි භාර ගැනීම පොල්හේන්ගොඩ ස්ථාපිත රෙම ශ්‍රීලයුපොහේබ මූලස්ථාන පරිශ්‍රයේදි සිදු කරන ලදි. ඒ සඳහා කඳවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනමන ලද අතර, අනතුරුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි රාජකාරි භාර ගැනීම සනිටුහන් වීම පිණිස පිනි ජම්බු වර්ගයේ පැලයක් කඳවුරු භූමියේ රෝපණය කිරිමෙන් අනතුරුව සියලු නිලයින් ඇමතීම හා සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි. මේ සඳහා ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදි.
26th February 2020 17:22:48 Hours
නවතමයෙන් මේජර් ජෙනරාල් නිළයට උසස්වීම් ලද මේජර් ජෙනරාල් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි රෙජිමේන්තු බලකාධිපති ධූරයේ 2020/02/26 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් වැඩ භාර ගැනීම රෙම ශ්‍රීලයුපොහේබ පොල්හේන්ගොඩ ස්ථාපිත මූලස්ථාන පරිශ්‍රයේදි සිදු කරන ලද අතර, කඳවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි. මේ සඳහා ජ්‍යෙෂ්ඨ/ කණිෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදි.
12th February 2020 12:07:58 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන විනයාරක්ෂකාධිපති වශයෙන්, බ්‍රිගේඩියර් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 පෙබරවාරි මස 05 වන දින තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.
12th February 2020 11:52:43 Hours
බ්‍රිගේඩියර් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරි රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරි කල අතර තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020 පෙබරවාරි මස 05 වන දින එම තනතුරේ රාජකාරි අත් හරින ලදි.
31st January 2020 17:54:10 Hours
භකාස අණසක මූලස්ථාන ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බළකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020/01/27 වන දින 5 ශ්‍රීලයුපොහේබ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි. මෙහිදි බළකාධිපති තුමන් හට කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, බලකාධිපති විසින් සංචාරය සිහිවීම පිණිස කඳවුර ඉදිරිපිට පැලයක් සිටුවන ලදි. පසුව බළකාධිපති තුමන් විසින් නවතමයෙන් ඉදි කරන ලද කායවර්ධනාගාරය හා ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය විවෘත කිරීමෙන් අනතුරුව බළකාධිපති තුමන් විසින් සියලු නිලයින් අමතන ලද අතර සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.
30th January 2020 11:25:29 Hours
භකාස අණසක මූලස්ථාන ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බළකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020/01/24 වන දින 7 ශ්‍රීලයුපොහේබ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි. මෙහිදි බළකාධිපති තුමන් හට කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, බලකාධිපති විසින් සංචාරය සිහිවීම පිණිස කඳවුර ඉදිරිපිට පැලයක් සිටුවන ලදි. අනතුරුව බළකාධිපති තුමන් විසින් සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.
30th January 2020 11:15:43 Hours
ආසේමු (වන්නි) ආඥාපති වන මේජර් ජෙනරාල් ඒඑම්ආර් ඒඑම්ආර් ධර්මසිරි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020/01/08 වන දින 3 ශ්‍රීලයුපොහේබ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.
30th January 2020 11:10:17 Hours
භකාස අණසක මූලස්ථාන ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බළකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020/01/17 වන දින 6 ශ්‍රීලයුපොහේබ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි. මෙහිදි බළකාධිපති තුමන් හට කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, බලකාධිපති විසින් සංචාරය සිහිවීම පිණිස කඳවුර ඉදිරිපිට පැලයක් සිටුවන ලදි. අනතුරුව බළකාධිපති තුමන් විසින් නවතමයෙන් ඉදි කරන ලද බළලත් නිළධාරි/සැරයන් නිවස්නය හා RO තාක්ෂණයෙන් යුතු ජල පිරිසිදු පද්ධතියක් විවෘත කරන ලදි.
30th January 2020 10:49:06 Hours
භකාස අණසක මූලස්ථාන ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බළකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020/01/16 වන දින 4 ශ්‍රීලයුපොහේබ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි. මෙහිදි බළකාධිපති තුමන් හට කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, බලකාධිපති විසින් සංචාරය සිහිවීම පිණිස කඳවුර ඉදිරිපිට පැලයක් සිටුවන ලදි. අනතුරුව බළකාධිපති තුමන් විසින් සියලු නිලයින් අමතන ලද අතර සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.