08th December 2020 16:28:16 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය) ආඥාපති බ්‍රිගේඩියර් පියල් නානායක්කාරවසම් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් මස 05 වන දින කිලිනොච්චිය මුරුක්කණ්ඩි හි ස්ථාපිත 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක් සිදු කරන ලදී
ඒකක මූලස්ථානය වෙත පැමිණි ආඥාපතිතුමන් පිලිගැනීම, 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි තුමන් වන ලුතිතන් කර්නල් ඩිල්ෂාන් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලදී
ඉන් අනතුරුව ඉනපෙ(කිලි) ආඥාපතිතුමන් සියලු නිලයින් සමග සමූහ ඡායාරූපයට පෙනී සිටි අතර, ඒකක සංචාරය සනිටුහන් කිරිම සදහා ඉනපෙ(කිලි) ආඥාපතිතුමන් සඳුන් පැළයක් රෝපණය කරන ලදී
30th November 2020 16:40:40 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස (උතුරුමැද) ආඥාපතිතුමා වන මේජර් ජෙනරාල් එල්පීආර් ප්‍රේමලාල් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2020 නොවැමිබර් මස 28 වන දින ගිරිතලේ ස්ථාපිත යුද්ධ හමුදා පොලිස් පාසල වෙත කරන ලද නිල සංචාරයට සමගාමීව පුහුණු පාසල තුල නවතමයෙන් ඉදි කරන ලද දේශන ශාලාවද එතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.
26th November 2020 16:33:45 Hours
ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස (උතුර), බ්‍රිගේඩියර් ජීඩබ්එල් මාහින්කන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 නොවැම්බර් 23 වන දින 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. ඒකක මූලස්ථානය වෙත පැමිණි ආඥාපති තුමන් පිළිගැනීම 4 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි, ලුතිතන් කර්නල් ආර්ආර්පී පෙරේරා යන ජ්‍යෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලද අතර, ඊට සමගාමීව කදවුරු සම්මාන මුරය, පැල රෝපණය, සියලු නිලයින් ඇමතීම හා සියළු නිල තේ පැන් සංග්‍රහය යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී
14th September 2020 11:11:53 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 14 වන මධ්‍යස්ථාන සේනාවිධායක වන කර්නල් බි එල් ආර් බමුණුසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තනතුර භාර ගැනිමෙන් පසු 2020 සැප්තැම්බර් මස 12 වන දින 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කල අතර, ඒකක අණදෙන නිලධාරි මේජර් එස්පී කස්තුරිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එතුමන් පිළිගැනීමෙන් අනතුරුව සම්මාන මුරයක් ප්‍රධානය කරන ලදි.
12th September 2020 20:56:54 Hours
1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලෙස රාජකාරි කරනු ලබන ලුතිතන් කර්නල් ආර් එම් එන් රත්නායක යූඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ 2020.09.08 වන දින වත්මන් නිලයට උසස්වීම් ලැබූ අතර, ඒ වෙනුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට 2020.09.11 වන දින ඒකකයේ භඨ පිරිස් විසින් සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා පෙළපාලියක් පිරිනමන ලදී.
12th September 2020 17:46:05 Hours
ආඥාපති ඉනපෙ(උ) මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටිඕ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020.09.10 වන දින 4 ශ්‍රීලයුපොහේබ ඒකකයේ නිල සංචාරයක් සිදු කරන ලදී.
08th September 2020 17:25:59 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති ලෙස රාජකාරි නියුතු බ්‍රිගේඩියර් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - මුලතිවු කඳවුරෙහි 2020.09.05 වන දින නිල සංචාරයක් සිදු කරන ලද අතර, එහිදී විනයාරක්ෂකාධිපතිතුමන් 6 ශ්‍රීලයුපොහේබ අණදෙන නිළධාරී විසින් පිලිගැනීමෙන් අනතුරුව විනයාරක්ෂකාධිපති තුමන් වෙත කදවුරු සම්මාන මුරයක් පිලිගන්වා, කදවුරු භූමියෙහි පැළයක් රෝපණය කර සියළු නිලයින් ඇමතීමක් සිදු කරන ලදී
06th September 2020 14:15:14 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති තුමන් ලෙස රාජකාරි නියුතු බ්‍රිගේඩියර් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - කිලිනොච්චිය කදවුරෙහි 2020.09.04 වන දින නිල සංචාරයක් සිදු කරන ලදී
25th August 2020 17:17:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශන ඒකකයේ 23 වන ඒකක දින සංවත්සරය 2020/06/06 වන දිනට යෙදි තිබු අතර, එවකට රටෙහි පැවැති අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නියමිත දිනට සංවත්සර දිනය පැවැත්වීමට නොහැකි විය. අනතුරුව 23 වන ඒකක දින සංවත්සරය දිනට සමගාමීව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2020/08/21 වන දින රෙම ශ්‍රීලයුපොහේබ කඳවුරු භූමියේ ස්ථාපිත බුදු මැදුර අභියසදී බෝධි පූජා පිංකමක් සිදු කරන ලදී. පසුව 2020/08/24 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව එම ඒකකයේ අණදෙන නිළධාරි වන කර්නල් ඒ එම් ආර් අබේසිංහ යන යන ජ්‍යෙෂ්ඨ නිළධාරි හට කඳවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.
21st August 2020 12:45:22 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බළකාධිපති වන මේජර් ජෙනරාල් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020 අගෝස්තු මස 18 වන දින 7 ශ්‍රීලයුපොහේබ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි