09th December 2022 09:25:29 Hours
09th December 2022 09:07:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ඔරු පැදීමේ සංචිතය වෙත රු 780000.00 වටිනාකමකින් යුත් ගෘහස්ථ ඔරු පැදීමේ යන්ත්‍රයක් 2022.09.21 වන දින ඩබ් එම් සම්පත් විජේබණ්ඩාර මහතා විසින් පරිත්‍යාග කරන ලදි. මේ අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ජ්‍යෙකොනොනීන්/කොනොනීන් සහභාගි වන ලදි.
09th December 2022 08:54:04 Hours
4 ශ්රිලයුපොහේබ නව අණදෙන නිලධාරි වශයෙන් නි/65231 මේජර් කේඑන් ඉන්ද්‍රජිත් යූඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.07.09 වන දින ශුභ මොහොතින් වැඩ ආරම්භ කිරීමට සමගාමීව කඳවුරු සම්මාන මුරය, පැල රෝපණය හා සියලු නිලයින් ඇමතීම යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී.
08th July 2022 15:43:50 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර් ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 ජූලි මස 02 වන දින 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. ඒකක මූලස්ථානය වෙත පැමිණි මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් පිළිගැනීම 7 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි, මේජර් එස් එන් කේ හලංගොඩ යූඑස්පී පීඑස්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලද අතර, ඊට සමගාමීව පැල රෝපණය, කඳවුරු සංචාරය, සියලු නිලයින් ඇමතීම හා සියළු නිල තේ පැන් සංග්‍රහය යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී.
08th July 2022 15:30:10 Hours
යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත නවතමයෙන් ඉදි කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි නේවාසිකාගාරය ආඥාපති - ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර්ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ නවතමයෙන් ඉදි කරන ලද අතර, ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022.06.29 වන දිනට යෙදී තිබූ සුභ මොහොතින් විවෘත කරන ලදී. මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදී.
21st June 2022 17:25:56 Hours
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් පවත්වාගෙන යනු ලබන Leading (Provost) Qualifying Course 01/2021 and Phase 111 Provost Course 02/2021 පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍යයින් සහ උපදේශකයින් 2022 ජුනි මස 04 වන දින 2 ශ්‍රීලයුපොහේබ චරිත ශෝධනාගාරය හා පොහේබ පුපා හී සිදුකරනු ලැබු සංචාරය
17th June 2022 12:39:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන කොනොනින්ගේ සුභසාධනය වෙනුවෙන් බලකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර්ඩි සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරි කර්නල් ඒඑම්ආර් අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ සියලු නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද "PROVOST PARADISE CLUB" රෙජිමේන්තු කොනොනි සමාජ ශාලා බීමහල ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) අඥාපති හා ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022.05.19 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදී.
17th June 2022 12:37:38 Hours
3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු සියලුම නිලයින්ගේ දායකත්වයෙන් යුතුව නවතමයෙන් ඉදිකරන ලද බුදු මැදුර හා බෝධි ප්‍රාකාරය ඒකක අණදෙන නිලධාරි වන ලුතිතන් කර්නල් ඩබ්එම්ටීජීඒපී විජේකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනය පරිදි ඉනපෙ (මුලතිව්) ආඥාපති සහ ශ්‍රීලයුපොහේබ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022.05.07 වන දින සියළු නිලයින්ගේ වන්දනාමාන කිරීමේ කටයුතු සඳහා විවෘත කරන ලදී
20th May 2022 11:48:39 Hours
අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේ ස්ථාපිත 3 වන රෙජීමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 16 වන අණදෙන නිලධාරි ලෙස මේජර් එම්ඩීඑස්යුකේ වීරසිංහ යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 මැයි මස 14 වන දින සිය නව ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
17th May 2022 10:34:56 Hours
5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව අණදෙන නිලධාරි වශයෙන් කර්නල් අයිඑම්කේ සුද්දාගල යන ජ්යෙේෂ්ඨ නිලධාරි 2020 මැයි 06 වන දින ශුභ මොහොතින් වැඩ ආරම්භ කිරීමට සමගාමීව කඳවුරු සම්මාන මුරය, සම්මාන පෙළපාලිය, පැල රෝපණය, සියළු නිල තේ පැන් සංග්‍රහය හා සියලු නිලයින් ඇමතීම යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී.