Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th December 2023 15:33:47 Hours

සරඹ උපදේශක පාඨමාලා අංක - 130 සාර්ථකව හදාරන ලැබු ජ්‍යෙකානොනීන් හට බලකාධිපති තුමන්ගෙන් පැසසුම්.

සරඹ උපදේශක පාඨමාලා අංක - 130 2023 අගෝස්තු 02 සිට 2023 නොවැම්බර් 18 දක්වා දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී පැවැත්විණි. පහත නම් සඳහන් ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙකොනොනීන් පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී.


S/678124 මාණ්ඩලික සැරයන් වන්නිනායක WMDM – 2 ශ්‍රීලයුපොහේබ
S/678365 සැරයන් ගුණතිලක KGUI - 3 ශ්‍රීලයුපොහේබ

තවද, 2023 නොවැම්බර් 18 වන දින පැවති සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේදී න්‍යායික ඇගයීමේ ඉහළම සමස්ථ ලබා ගත් ජ්‍යෙකානොනි ලෙස සැරයන් ගුණතිලක KGUI - 3 ශ්‍රීලයුපොහේබ පිදුම්ලැබු අතර, තත් ජ්‍යෙජ්‍යෙෙකානොනි පාඨමාලාව හදාරන ලද අයවලුන් 85 දෙනෙකු අතුරින් දෙවන ස්ථානය ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ විනයාරක්ෂකාධිපති මෙන්ම ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති, මේජර් ජෙනරාල් ඒ සී ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඔවුන් ඇගයීමට ලක් කරන ලදි.