31st March 2023 15:15:39 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිනව විනයාරක්ෂාධිපති මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/03/29 වන දින 1 වන ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බළකායේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
28th March 2023 18:16:38 Hours
මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරිත්වයත් සුරැකීම තම පරම යුතුකම වශයෙන් සිත්හි තබාගෙන තම ජීවය දේශය වෙනුවෙන් කැපකරමින් සිදු කරන ලද අනුපමේය සේවය ඇගයීමේ අරමුණින් 33 වන රෙජිමේන්තු දිනයට සමගාමීව රෙජිමේන්තු බලකාධිපතිගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ උපදෙස් මත 2 ශ්‍රීලයුපොහේබ වෙතින් සංවිධානය කරන ලද රණවිරු සැමරුම් උත්සවය ගිරිතලේ වැව්තාවුල්ලෙහි 2 ශ්රීලයුහපොහේබ කදවුරැ භුමියෙහි ඉදිකර ඇති ශ්‍රීලයුපොහේබ රණවිරු සැමරුම් ස්මාරකය අභියසදි 2023 මාර්තු මස 24 වන දින පවත්වන ලද අතර, මෙම උත්සවය සඳහා මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතින් ඇතුළු පවුල්වල සාමාජිකයින් සහභාගි විය. එසේම මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉනපෙ (මුලතිව්) ආඥාපති මෙන්ම රෙජිමේන්තු බළකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර, මේ සදහා විනයාරක්ෂාධිපති මේජර් ජෙනරාල් ක්ලිෆඩ් ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රවීන්ද්‍ර අබේසිංහ ඇතුලු රෙජිමේන්තු මන්ත්‍රණ සභාවෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ශ්රීලයුහපොහේබ ඒකකයන්හි අණදෙන නිලධාරීවරැන් මෙන්ම පොහේබ පුපා සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ රෙජිමේන්තු සැරයන් මේජර් වරැන් ඇතුලු සෙසුනිලයින්ද සහභාගී විය.
08th February 2023 16:09:52 Hours
ඉනපෙ (උ) ආඥාපති වශයෙන් රාජකාරි නියුතු මෙිජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එචිඩිඑමිසි එල්එස්සි (නි/61548) යන ජ්‍යෙෂ්ඨ නිළධාරි මේජර් ජෙනරාල් නිළයට නිළ උසස් වීම නිමිත්තෙන් 2023.02.07 වන දින 4 ශ්‍රීලයුපොහේබ ඒකකයේදී සමිමාන මුරයක්/ භඨ පිරිස් ඇමතීමක්, සියළු නිළ තේ පැන් සංග්‍රහයක් සහ පැළ රෝපණයක් සිදුකරන ලදි.
06th February 2023 08:40:50 Hours
7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු සියලු නිලයින්ගේ දායකත්වයෙන් යුතුව නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය, උපකරණ ගබඩාව හා බුදු මැදුර 7 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි වන මේජර් එස්එන්කේ හලංගොඩ යූඑස්පී පීඑස්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනය පරිදි ...
02nd February 2023 10:17:26 Hours
2023 වර්ෂයේ පලමු නිලධාරි පුහුණුවීම් වැඩසටහන 2023 ජනවාරි මස 28 වන දින 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, දියතලාව කඳවුරේදි පවත්වන ලදි. මෙම පුහුණුවිම් වැඩසටහන අංග රැසකින් සමන්විතවිය.
25th January 2023 14:50:30 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 4 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය තුල නිල සංචාරයක 2023.01.20 වන දින නිරත විය.
12th December 2022 10:46:24 Hours
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ අපරාධ වාර්තා කොට්ඨාශය සහ අපරාධ ස්ථාන පරික්ෂණාගාර නිලධාරි පුහුණු සංකීර්ණය - කළුතර පොලිස් විද්‍යාලය වෙතින් රපෝර්තු කරවන ලද නිලධාරි මහත්වරුන්ගේ සහයෝගය මත විනයාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලයේ මූලිකත්වයෙන් රෙම ශ්‍රීලයුපොහේබ හීදි 2022.11.15, 16 හා 17 යන දිනයන්හීදි ඇගිලි සලකුණු ලබා ගැනීම, අපරාධ ස්ථානයක් ආරක්ෂා කිරිම හා එම ස්ථානයක තිබිය හැකි සාක්ෂි ආරක්සා කිරිම යන මාතෘකා යටතේ තෙදින වැඩමුලුව පවත්වන ලදි
12th December 2022 10:24:11 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 16 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් ඒ එම් ආර් අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 නොවැම්බර් මස 21 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි භාර ගැනීම පොල්හේන්ගොඩ ස්ථාපිත රෙම ශ්‍රීලයුපොහේබ මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
12th December 2022 10:07:35 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක වහයෙන් රාජකාරි කරනු ලැබු බ්‍රිගේඩියර් ආර් ඩී සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.11.17 වන දින තම තනතුරේ රාජකාරි අත්හරින ලද අතර, මෙම අවස්ථාවට සමගාමීව සම්මාණ මුරයක් හා සම්මාණ පෙළපාලියක් මෙන්ම, සියලු නිල ඇමතීමක් හා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.
09th December 2022 11:14:37 Hours
ශ්රිලයුපොහේබ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්ඩී සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022 නොවැම්බර් මස 08 වන දින පොලිස් හේවා බලකා පුහුණු පාසලෙහි නිල සංචාරය සිදු කරන ලදි.