Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

16th May 2024 18:19:18 Hours

විනයාරක්ෂකාධිපතිගේ විශේෂ විමර්ශණ ඒකකයේ සංචාරය

බ්‍රිෙග්ඩියර් ආර් ඩී සලේ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද හමුදාවේ විනයාරක්ෂකාධිපති ලෙස රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රථම නිල සංචාරය වශයෙන් 2024 මැයි 15 වැනි බදාදා දින පොල්හේන්ගොඩ විශේෂ විමර්ශන ඒකකය හි සිදුකරන ලදි.
විශේෂ විමර්ෂණ ඒකකයේ අණදෙන නිලධාරි කර් නල් එම්එම්එම්පී මහේෂ් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ උණුසුම් පිලිගැනීමෙන් පසු සම්ප්‍රධායානුකූලව ලබාදෙනු ලබන කඳවුරු මුරයෙන් අනතුරුව, සමූහ ඡායාරූපය, භට පිරිස් ඇමතීමක් සහ සියලු නිලයන් තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලැබීය.
මේ සඳහා විශේෂ විමර්ෂණ ඒකකයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරි, කොනොනීන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සහභාගි වන ලදි.