Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

03rd May 2024 19:37:38 Hours

ශ්‍රීලයුපොහේබ කර් නල් සේනාවිධායකගේ නික්මයාම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන විනයාරක්ෂනකාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු 11 වන කර් නල් සේනාවිධායක ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ඒ සී ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මැයි 02 වන දින යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යන ලදි. මේ සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි අලංකාරවත් සම්මාන මුරයක් හා සම්මාන පෙළපාළියක් පිරිනමන ලදි. අනතුරුව හිටපු කර් නල් සේනාවිධායක විසින් සියලු නිලයින් අමතා මාණ්ඩලික නිලධාරීන්, හිටපු කර්නල් සේනාවිධායක වරුන් හා විනයාරක්ෂෙකාධිපති වරුන්, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත වසර 35 ක් පුරාවට ඔහුගේ රාජකාරිය ඉටු කිරීමට ඔහුට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතඥතාවය පුද කරන ලදී.
විශ්‍රාම යන මේජර් ජෙනරාල් ඒ සී ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී 1989 ජනවාරි 20 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත බැඳී මූලික හමුදා පුහුණුව අවසන් කිරීමෙන් පසු දෙවන ලුතිනන් වරයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායට අනියුක්තව සේවය කර ඇති අතර, ඔහුගේ වසර 35 ක් සහ මාස 4 ක සේවා කාලය තුල සමස්ථ යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටු කර ඇතග තත් නිලධාරි විශ්‍රාම යාම වෙනුවෙන් පවත්වන ලද වැඩසටහන් මාලාවට රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසු නිලයින් සහභාගී වන ලදි.