21st May 2025 13:29:19 Hours
2025 මැයි 13 වන දින සන්ධ්‍යාවේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සේවා වනිතා ශාඛාව සමඟ එක්ව, වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සැමරීම සඳහා දන්සලක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්, විශේෂයෙන් අනුකම්පාව සහ ත්‍යාගශීලීත්වය පිළිබඳ වටිනාකම් නිරූපණය කරන ලද අතර, බැතිමතුන් සහ මගීන් විශාල සංඛ්‍යාවක් මඤ්ඤොක්කා, කොස්, කඩල සහ කිරි කෝපි වැනි සාම්ප්‍රදායික ප්‍රණීත ආහාර වලින් උණුසුම් ලෙස සංග්‍රහ කරන ලදී. දන්සල ආරම්භ වූයේ බෞද්ධ භික්ෂුවක් විසින් මෙහෙයවන ලද ආගමික ආශිර්වාද උත්සවයකින් වන අතර, උත්සවය සංවිධානය කිරීමට සහ සහාය දැක්වීමට සම්බන්ධ වූ සියලු දෙනාටම අධ්‍යාත්මික ආශිර්වාද ඉල්ලා සිටියේය.
15th May 2025 01:25:11 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් බ්‍රිගේඩියර් එච්එම්එස්අයි සෙනරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් 2025 මැයි මස 10 වන දින තත් නිලධාරිගේ විශ්‍රාම ගැන්වීම නිමිත්තෙන් සමුගැනිමේ උත්සවයක් උත්සවාකාරයෙන් පවත්වන ලදී. සම්ප්‍රදානුකූලව විචිත්‍රවත් කඳවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් රෙජිමේන්තු සරඹ භූමියේදී පැවැත්විණි.
02nd May 2025 23:31:01 Hours
ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2025 අප්‍රේල් මස 27 වන දින, රෙජිමේන්තු මූලස්ථානයේදී, සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මිය විසින් සේවා වනිතා කාර්යාලය නිල වශයෙන් විවෘත කරන ලදී.
02nd May 2025 23:17:35 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුව 35 වන සංවත්සරය සමරනු ලැබීය. රණවිරු සැමරුම් වැඩසටහන 2025 මාර්තු 14 වන දින 2 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකාය ගිරිතලේ හිදී පැවැත්විණි. 2025 මාර්තු 27 වන දින අලංකාරවත් පෙරහැරක් සමඟ පිරිත් සජ්ජායනයක් පවත්වන ලද අතර ඉන් පසු දින භික්ෂුන් වහන්සේලා 15 නමක් සඳහා උදෑසන හීල් දානය පුජා කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී. සැමරුම් උත්සවය උත්සවාකාර පෙළපාළියකින් අවසන් වූ අතර සියලුම නිලයින් 2025 අප්‍රේල් 25 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී සංගීත සන්ධ්‍යාවක් සමඟ එක්විය.
14th April 2025 00:21:10 Hours
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ සැබෑ අරුත සහ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමේ ඉරියව්වක් ලෙස, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙනුවෙන් කැපවූ සිවිල් කාර්ය මණ්ඩලයට තෑගි වවුචර් බෙදා හැරීම සංවිධානය කරන ලදි.
08th April 2025 22:25:58 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව 2025 අප්‍රේල් 6 වන දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩා පිටියේදී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිති කොටගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරි, සෙසුනිලයින් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා විචිත්‍රවත්, සාම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරීමේ උත්සවයක් ජන ක්‍රීඩා රැසක් සමඟින් සමරන ලදි.
02nd April 2025 18:18:14 Hours
අභිමානවත් ඉතිහාසයකට උරුමකම් හිමි 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ වසර 34 ක් සපිරීම නිමිතිකොටගෙන ඒකකයේ සියලුම නිලධාරින්/සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
01st April 2025 11:53:00 Hours
35 වන රෙජිමේන්තු දින සංවත්සරය සමගාමීව, 2025 මාර්තු 27 වන දින රාත්‍රී පිරිත් සඡ්ඡායනයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී. මෙම උත්සවයේ අරමුණ වූයේ මියගිය රණවිරුවන්, සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින්, විශ්‍රාමික නිලධාරීන් සහ සෙසු නිලයින් සහ රෙජිමේන්තුවේ සිවිල් කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමය. මෙම උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූඑල්ජේඑස් පෙරේරා ආර්එස්පී යූඑස්පි එන්පිඑස් පිඑස්සි ගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි.
25th March 2025 18:18:14 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 3 වන රෙජිමේන්තුව සිය 34 වන සංවත්සරය අභිමානයෙන් සමරනු ලැබීය.
24th March 2025 07:02:35 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව 2025 මාර්තු 18 වන දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.