05th June 2025 07:36:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවාවනිතා ශාඛාව දැයේ දරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධන වැඩසටහන් අතර නිලධාරි අණදෙන භඨපිරිස් (මුලතිව්) හි සහයෝගයෙන් යුතුව 2025.05.30 වන දින පුදුකුඩිඉරිප්පු හි ළමා නිවාස සංචාර කිරිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
05th June 2025 07:31:04 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 16 වන විනයාරක්ෂකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ඒ එම් ආර් අබේසිංහ එන්ඩිසි 2025 මැයි මස 29 වන දින එම ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.
05th June 2025 07:27:29 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නික්ම යන විනයාරක්ෂකාධිපති මේජර් ජෙනරාල් ආර් ඩී සලේ එන්ඩීසී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකක, යුද්ධ හමුදා පොලිස් පාසල, නිලධාරි අණදෙන භඨපිරිස් (මුල) සහ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු සියලුම යුද්ධ හමුදා පොලිස් ඒකක, පුහුණු පාසල වෙත සංචාරයක නිරත විය.
05th June 2025 07:06:42 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූඑල්ජේඑස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී, 2025 මැයි 26 වන දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සියලුම නිලධාරීන් අමතන ලදී.
23rd May 2025 19:14:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති මේජර් ජෙනරාල් ආර් ඩී සලේ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මැයි මස 19 වන දින බ්‍රිග්‍රේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වා උසස්වීම ලබන ලදි. මෙම නිල උසස්වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි 2025 මැයි 23 වන දින උපහාර පිදීමේ උත්සවයක් පවත්වන ලදි.
21st May 2025 15:30:54 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මූලස්ථානයේ යෝජිත දෙමහල් චෝදනාගාරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 2025 මැයි මස 19 වන දින සිදුකරන ලදි.
21st May 2025 13:29:19 Hours
2025 මැයි 13 වන දින සන්ධ්‍යාවේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සේවා වනිතා ශාඛාව සමඟ එක්ව, වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සැමරීම සඳහා දන්සලක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්, විශේෂයෙන් අනුකම්පාව සහ ත්‍යාගශීලීත්වය පිළිබඳ වටිනාකම් නිරූපණය කරන ලද අතර, බැතිමතුන් සහ මගීන් විශාල සංඛ්‍යාවක් මඤ්ඤොක්කා, කොස්, කඩල සහ කිරි කෝපි වැනි සාම්ප්‍රදායික ප්‍රණීත ආහාර වලින් උණුසුම් ලෙස සංග්‍රහ කරන ලදී. දන්සල ආරම්භ වූයේ බෞද්ධ භික්ෂුවක් විසින් මෙහෙයවන ලද ආගමික ආශිර්වාද උත්සවයකින් වන අතර, උත්සවය සංවිධානය කිරීමට සහ සහාය දැක්වීමට සම්බන්ධ වූ සියලු දෙනාටම අධ්‍යාත්මික ආශිර්වාද ඉල්ලා සිටියේය.
15th May 2025 01:25:11 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් බ්‍රිගේඩියර් එච්එම්එස්අයි සෙනරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් 2025 මැයි මස 10 වන දින තත් නිලධාරිගේ විශ්‍රාම ගැන්වීම නිමිත්තෙන් සමුගැනිමේ උත්සවයක් උත්සවාකාරයෙන් පවත්වන ලදී. සම්ප්‍රදානුකූලව විචිත්‍රවත් කඳවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් රෙජිමේන්තු සරඹ භූමියේදී පැවැත්විණි.
02nd May 2025 23:31:01 Hours
ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2025 අප්‍රේල් මස 27 වන දින, රෙජිමේන්තු මූලස්ථානයේදී, සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මිය විසින් සේවා වනිතා කාර්යාලය නිල වශයෙන් විවෘත කරන ලදී.
02nd May 2025 23:17:35 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුව 35 වන සංවත්සරය සමරනු ලැබීය. රණවිරු සැමරුම් වැඩසටහන 2025 මාර්තු 14 වන දින 2 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකාය ගිරිතලේ හිදී පැවැත්විණි. 2025 මාර්තු 27 වන දින අලංකාරවත් පෙරහැරක් සමඟ පිරිත් සජ්ජායනයක් පවත්වන ලද අතර ඉන් පසු දින භික්ෂුන් වහන්සේලා 15 නමක් සඳහා උදෑසන හීල් දානය පුජා කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී. සැමරුම් උත්සවය උත්සවාකාර පෙළපාළියකින් අවසන් වූ අතර සියලුම නිලයින් 2025 අප්‍රේල් 25 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී සංගීත සන්ධ්‍යාවක් සමඟ එක්විය.