01st October 2025 14:19:10 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, 2025 සැප්තැම්බර් 27 වන දින ගල්කුලම හි පිහිටි 3 වන රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
25th September 2025 22:58:42 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ 3 වන කාර්තු නිලධාරී පුහුණු දින වැඩසටහන 2025 සැප්තැම්බර් 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. නිලධාරීන් අතර වෘත්තීය දැනුම, නායකත්වය සහ සුහදතාවය වර්ධනය කිරීම සදහා මෙම පුහුණු දින වැඩසටහන සැලසුම් කර ඇත.
25th September 2025 14:48:52 Hours
බ්‍රිගේඩියර් ඩී ඩී ඩී සේරසිංහ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රචිත “මරණයේ හෝරාව දුටු භටවර ජයසෙන්” ග්‍රන්ථය 2025 සැප්තැම්බර් 24 වැනි දින උත්සවාකාරයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී එළිදක්වන ලදී. පසුගිය වසරේ එළිදැක්වූ ඔහුගේ පළමු පොත වන “යුග යුග” නම් කෘතියට පසුව එළිදක්වන ලද දෙවන කෘතියයි.
13th September 2025 12:57:35 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ ප්රවීණයන්ගේ සංගමයේ සභාපති මේජර් එච් එම් ආර් පී ගෝනවල (විශ්‍රාමික), ජාතික සංවිධායක බනි 1 ඩීඑම්එස් ප්‍රේමසිරි (විශ්‍රාමික), භාණ්ඩාගාරික බනි1 ජීකේඒසී ගුණරත්න (විශ්‍රාමික) සහ සහකාර ලේකම් බනි 1 එච්ජේ ජෑන්ස් (විශ්‍රාමික) ඇතුළු ප්‍රවීණයන් පිරිසක් 2025 සැප්තැම්බර් 13 වන දින නව කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බීජීඑස් ප්‍රනාන්දු යුඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් තම තනතුරේ රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව හමුවීම සඳහා පැමිණෙන ලදි.
04th September 2025 10:22:35 Hours
2025 සැප්තැම්බර් 03 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති විධිමත් උත්සවයකදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්, නිල උසස් වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සදහා ඔවුන්ගේ නිලයට හිමි නිල ලාංඡනයන් පලදවන ලදි.
03rd September 2025 12:32:11 Hours
ආගමික වතාවත් සහ හමුදා විධිවිධාන මධ්‍යයේ, මේජර් කේ ඒ කේ කාරියවසම් යූඑස්පී එල්එස්සී 2025 සැප්තැම්බර් 01 වන දින ගල්කුලම, 3 වන රෙජිමෙන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 18 වන අණදෙන නිලධාරී ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.
02nd September 2025 12:32:11 Hours
3 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී වශයෙන් රාජකාරි කරන ලද ලුතිනන් කර්නල් එල් ජී එල් බී ගුණරත්න යූඑස්පී පීඑස්සී එල්එස්සී හට 2025 අගෝස්තු 29 වන දින 3 ශ්රීලයුපොහේබහිදි සමුදීමේ උත්සවයක් පැවැත්විණි.
30th August 2025 16:23:40 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, 2025 අගෝස්තු 28 වන දින 7 ශ්‍රීලයුපොහේබ හී නිල සංචාරයක් සිදු කරන ලදී.
25th August 2025 12:32:11 Hours
යුද්ධ හමුදා පොලිස් පාසල සිය 25 වන සංවත්සරය සමරනු ලැබීය. යුද්ධ හමුදා පොලිස් පාසලේ සාර්ථකත්වය සහ එහි සාමාජිකයින්ට අශීර්වාද පතා 2025 අගෝස්තු 13 වන දින බෝධි පූජාවකින් සැමරුම් ආරම්භ වූ අතර, 2025 අගෝස්තු 14 වන දින බෝසත් බාලිකා ළමා නිවසෙහි දී දානමය පුණ්‍යකර්මයක් ද සංවිධානය කරන ලදි.
22nd August 2025 17:30:39 Hours
ආගමික වතාවත් වලට මුල්තැන දෙමින්, 2025 අගෝස්තු 16 වන දින 1 වන ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ 25 වන අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කර්නල් ඩී ජී අයි පී ගොඹරගේ යූඑස්පි පිඑස්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි ආරම්භ කරන ලදී.