Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

13th September 2025 12:57:35 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් ප්‍රවීනයන් නව කර්නල් සේනාවිධායක හමුවෙයි

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති මේජර් එච් එම් ආර් පී ගෝනවල (විශ්‍රාමික), ජාතික සංවිධායක බනි 1 ඩීඑම්එස් ප්‍රේමසිරි (විශ්‍රාමික), භාණ්ඩාගාරික බනි1 ජීකේඒසී ගුණරත්න (විශ්‍රාමික) සහ සහකාර ලේකම් බනි 1 එච්ජේ ජෑන්ස් (විශ්‍රාමික) ඇතුළු ප්‍රවීණයන් පිරිසක් 2025 සැප්තැම්බර් 13 වන දින නව කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බීජීඑස් ප්‍රනාන්දු යුඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් තම තනතුරේ රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව හමුවීම සඳහා පැමිණෙන ලදි.

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් එම් කේ ඒ එස් රාජනායක සහ මාන්ඩලික නිලධාරි 1 (රණසේවා) ලුතිනන් කර්නල් ආර් ජී බී එස් ප්‍රේමරත්න යුඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම හමුව පවත්වන ලදි.