Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

03rd September 2025 12:32:11 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 3 වන රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී සිය ධූරයේ රාජකාරී අරඹයි

ආගමික වතාවත් සහ හමුදා විධිවිධාන මධ්‍යයේ, මේජර් කේ ඒ කේ කාරියවසම් යූඑස්පී එල්එස්සී 2025 සැප්තැම්බර් 01 වන දින ගල්කුලම, 3 වන රෙජිමෙන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 18 වන අණදෙන නිලධාරී ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.

දෙවන අණදෙන නිලධාරී මේජර් අයි එම් ඒ බී ඉලංගසිංහ එල්එස්සී විසින් නව අණදෙන නිලධාරීතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව, නව අණදෙන නිලධාරීතුමන් වෙනුවෙන් රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ උත්සව පෙළපාලියක් පිරිනමන ලදී.

මෙම වැඩසටහන සමූහ ඡායාරූපයක්, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැළයක් සිටුවීම සහ භට පිරිස් ඇමතීම ද ඇතුළත් වූ අතර, එහිදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉදිරි වසරවලදී රෙජිමේන්තුව සඳහා ඔහුගේ දැක්ම සහ අපේක්ෂාවන් පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සදහා 3 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්, බලලත් නිලධාරීන් හා සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදි.