20th August 2020 19:58:55 Hours
යුද්ධ හමුදා පොලිස් පාසල සිය 20 වන සංවත්සරය 2020 අගෝස්තු මස 13 වන දින අභිමානවත් ලෙස ගිරිතලේදී සමරන ලදී.
14th August 2020 12:51:52 Hours
යුද්ධ හමුදාපති තුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “පූර්ණ නිවාස ව්‍යාපෘතිය - V වන අධියර“ යටතේ 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් දැනට හදිසි අනතුරකට ලක්ව ආබාධිතව රාගම රණවිරු සෙවන හි නේවාසිකව ප්‍රථිකාර ලබන සෙ/678929 ලා/කෝ හේරත් ඒච්ජේඒස් යන කොනොනි හට නිවසක් හිමිවූ අතර එම නිවසේ මුල් ගල තැබීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒල් පී ආර් ප්‍රේමලාල් යූඒස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2020.08.10 වන දින හෝරා 0737 ට යෙදුනු සුභ මොහොතින් සිදුකරන ලදී
04th August 2020 13:38:36 Hours
4 ශ්‍රීලයුපොහේබ නව අණදෙන නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් ආර්ආර්පි පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.08.01 වන දින ශුභ මොහොතින් වැඩ ආරම්භ කිරීමට සමගාමීව කඳවුරු සම්මාන මුරය, සම්මාන පෙළපාලිය, පැල රෝපණය, සියළු නිල තේ පැන් සංග්‍රහය හා සියලු නිලයින් ඇමතීම යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී
21st July 2020 06:20:59 Hours
5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ අණදෙන නිළධාරි සහ සියලු නිලයින්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද මෙම අලංකාරවත් බෝධි ප්‍රාකාරය 2020/07/14 වන දින ආගමික වතාවත් වලට අනුව සම්බුද්ධ ශාසනය වෙත පූජා කරන ලදී
12th June 2020 11:51:00 Hours
අනුරාධපුරය, ගල්කුලම හි ස්ථාපිත 3 වන ශ්‍රීලංකා පොලිස් හේවා බලකායේ 18 වන අණදෙන නිලධාරි ලෙස නි/64317 ලුතිතන් කර්නල් ඩබ්එම්ටීජීඒපී විජේකෝන් - 5 ශ්‍රීලයුපොහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ජූනි මස 04 වන දින සිය නව ධූරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී
11th June 2020 23:10:17 Hours
විශේෂ විමර්ෂන ඒකකයෙහි රාජකාරි කරනු ලබන නිලධාරි හා සෙසුනිලයින්ගේ දැනුම වර්ධනය කර ගැනීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති “ණුවන පියස” පුස්තකාලය වෙත රු190000.00 ක පමණ මුදලක් වැයකර මිලදී ගන්නා ලද නවකතා, මනෝවිද්‍යාත්මක කෘති, පරිවර්ථක කෘති, නීති හා අධ්‍යාපනික කෘති ඇතුලත් පොත්පත් 500 ක් පමණ 23 වන ඒකක සංවත්සරයට සමගාමිව පුස්ථකාලය භාර නිලධාරි වෙත සංකේතාත්මකව භාරදිම ඒකක අණදෙන නිලධාරි කර්නල් ඒඑම්ආර් අබේසිංහ යන ජ්‍යෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් 2020.06.08 වන දින සිදු කරන ලදි.
25th May 2020 19:52:05 Hours
අනුරාධපුරය, ගල්කුලමහි ස්ථාපිත 3 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙහි නවතමයෙන් ඉදිකරන ලද ''නිළධාරි නිවස්නය” 2020 මැයි මස 22 වන දින එම ඒකකයේ අණදෙන නිළධාරි, ලුතිතන් කර්නල් එම්එම්එම්පි මහේෂ් කුමාර යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ආරාධනය මත පැමිණි යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති, මේජර් ජෙනරාල් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි විසින් විවෘත කරන ලදි.
14th May 2020 13:05:44 Hours
11th May 2020 18:02:22 Hours
4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ උපකරණ පාලන සැරයන් මේජර් වශයෙන් කටයුතු කරනු ලබන සෙ/676934 බනි 11 අධිකාරි ඒඑම්එස්එස් විසින් 2020.05.05 වන දින කන්කසන්තුරය දුම්රිය ස්ථානය අසල මාර්ගයේ වැටී තිබු මුදල් පසුම්බියක් අහුලා ඒ පිළිබදව 4 ශ්රිලයුපොහේබ අණදෙන නිලධාරි දැනුවත් කර එහි තිබු රු:50090.00 ක මුදල සමග පුද්ගලික ලිපිලේඛණ රාශියක් එහි අයිතිකරු වන සෙ/532467 සාසෙ හතුරුසිංහ එච්එම්එස්ඩි - 4 විපාරෙ ඒකකය වෙත කැදවා භාරදීමට කටයුතු කිරීම තුලින් මානුෂිය ගුණාංග ඉස්මතු කරමින් තම යුතුකම ප්‍රසංශනීය ලෙස ඉටුකර රෙජිමේන්තුව වෙත කීර්ති නාමයක් ගෙනදෙන අන්දමින් ක්‍රියා කිරීමෙන් විනයාරක්ෂකයෙකු වශයෙන් ආදර්ශයෙන් පෙරමුණ ගනිමු යන රෙජිමේන්තු ආදර්ශ පාඨය වඩාත් අර්ථවත් කර ඇත.
07th May 2020 20:39:31 Hours