Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th May 2023 20:14:15 Hours

විනයාරක්‍ෂාධිපතිගේ 3 ශ්‍රීලයුපොහේබ සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයරක්‍ෂකාධිපති මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී 2023 අප්‍රේල් මස 24 වන දින 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - ගල්කුලම කඳවුරෙහි සංචාරයක නිරත විය. එතුමන් විසින් විනයරක්‍ෂකාධිපති තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු මෙම ඒකකය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම ඒකක අණදෙන නිලධාරි වන මේජර් එම්ඩීඑස්යූකේ විරසිංහ යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදි. ඉන් අනතුරුව විනයරක්‍ෂකාධිපති තුමන්ගේ සංචාරය සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් ලබාගැනීම හා පැළයක් රෝපණය කිරීම සිදු කරන ලදි. අනතුරුව විනයරක්‍ෂකාධිපති තුමන් විසින් සියළු භඨ පිරිස් අමතා යුද හමුදා පොලිස් රාජකාරි වෘත්තියමය ආකාරයෙන් ඉටුකිරිම සබැදි හරවත් දේශනයක් පවත්වන ලදි. ඉන් අනතුරුව මෙම කඳවුරෙහි ප්‍රගතිය පිළිබද සොයා බැලීම සඳහා එතුමන් විසින් ඒකකයෙහි අංශ/ආයතනයන්හි පරීක්‍ෂාවක නිරත විය. අනතුරුව ඒකක අණදෙන නිලධාරි තුමන් විසින් මෙම ඒකකයෙහි වත්මන් තත්වය පිළිබද සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදු කරන ලද අතර, එහිදී 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය යටතේ රාජකාරි කරනු ලබන සියලුම නිලධාරින් සමග විනයරක්‍ෂකාධිපති තුමන් විසින් සුහද සංවාදයක නිරත විය. අවසන් වශයෙන් විනයරක්‍ෂකාධිපති තුමන් විසින් සමරු සටහන් පොතෙහි මෙම ඒකක සංචාරය පිළිබදව සටහනක් තබා වැඩසටහන නිමා කරන ලදි.